News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
16

යුධ ටැංකි රැගත් රුසියානු යුධ නැව් දෙකක් සිරියාවට එයි. 3 වන ලෝක යුද්ධය පෙනෙන මානයේ.

1934 Views


යුධ ටැංකි රැගත් රුසියානු යුධ නැව් දෙකක් සිරියාවට එයි. 3 වන ලෝක යුද්ධය පෙනෙන මානයේ.

පසුගිය දා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කරා. එකට හේතු වුනේ සිරියානු රජය රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරා කියන චෝදනාව. ඇමෙරිකාව කිව්වේ සිරියාවේ රසායනික අවි භාවිතයට එරෙහිව මේ ප්‍රහාරය එල්ල කරා කියලා.

කොහොම වුනත් මේ වැඩේට රුසියාව නම් එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ. ප්‍රහාරයට කලින් ඉදන්ම රුසියාව ඇමෙරිකාවට සහ බරහිර රටවලට අනතුරු ඇගෙව්වා. හැබැයි ඔවුන් එක සතේකට මායිම් කලේ නෑ. ප්‍රහාරයෙන් පස්සේ රුසියානු ජනාධිපති පුටින් ඉන්නේ ලොකු කේන්තියකින්. සිරියාවට එල්ල කල ප්‍රහාරයට වන්දි ගෙවන්න වෙයි කියලා ඔහු පැවසුවා.

ඊයේ රුසියානු නැව් දෙකක් සිරියාවට ළඟා වුණා. රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මේ නැව් වල යුධ ටැංකි, රේඩාර් උපකරණ, වේග ප්‍රහාරක යාත්‍රා, තාවකාලික පාලම සහ ගිලන්රථ ඇතුලත් බවයි. ලෝක දේශපාලන විශේෂඥයින් පවසන්නේ සිරියානු අර්බුදය තවත් දුරදිග ගියොත් 3 වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post