ලෝකයේ ලොකුම දඟයා බිහිකරේ ශ්‍රී ලංකාව. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෝක පූජිත දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්. ලෝක වාර්තා රැසක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගත්ත මුරලි වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ලාභියා වෙනුවා.
මුරලි අද 46 වෙනි උපන්දිනය සැමරුවා. 46 වන උපන්දිනය සමරන මුරලි මේ දවස්වල ඉන්නේ ඉන්දියාවේ. ඒ IPL තරඟාවලියට එක වෙලා. ඔහු සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදියට කටයුතු කරනවා.
IPL තරඟාවලියේ ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් මුරලි කිව්වේ විස්සයි විස්ස තරඟ ප්‍රචලිත වෙන්න කලින් පන්දු යවන්න පහසු වුනා කියලා. ඒ දවස්වල පිතිකරුවන් මෙතරම් 6 පහරවල් එල්ල කරේ නෑ කියලයි.