News Line| Off Air
Generic placeholder image

Apr
18

බ්‍රිතාන්‍යයේ රාජකීය බලු පරම්පරාව අවසන් වෙයි. සුරතලා නැති දුකින් රැජින හඬයි. – Photo

1338 Views


බ්‍රිතාන්‍යයේ රාජකීය බලු පරම්පරාව අවසන් වෙයි. සුරතලා නැති දුකින් රැජින හඬයි. – Photo

එලිසබත් මහ රැජිනට බලු සුරතලුන් රංචුවක්ම ඉන්නවා. ඒ අතරිනුත් රැජින විශේෂයෙන්ම ආදරය කරන සුරතලෙක් ඉන්නවා. ඒ තමයි Willow කියන බල්ලා. හැබැයි ඊයේ Willow ජීවිතයෙන් සමුගත්තා. රැජිනගේ හොඳම සුරතලා වගේම හොඳම යාළුවා වුන Willow ගේ වියෝව නිසා රැජින ඉතාම දුකින් ඉන්නවා කියලයි මාළිගාවෙන් වාර්තා වෙන්නේ.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ තොරතුරු අනුව Willow පැවත එන්නේ බ්‍රිතාන්‍ය රාජකීය බලු පරම්පරාවෙන්. ඒ වගේම ඒ පරම්පරාවේ අවසන් සාමාජිකයාත් Willow. corgi කියන කුරු බලු විශේෂයට තමයි Willow අයත් වෙන්නේ. එලිසබත් රැජිනගේ 18 වන උපන් දිනයට ලැබුන Susan කියන බලු සුරතලියගෙන් තමයි Willow පැවත එන්නේ. Willow, Susan ගේ 14 වන පරම්පරාවේ සාමාජිකයෙක්.

මිය යන විට Willow 14 වන වියේ පසු වුණා. මේ සුරතලා කාලයක් තිස්සෙම පිළිකා රෝගයකින් පිඩා විදිමින් ඉඳලා තියෙනවා. 1933 දී එලිසබත් රැජිනගේ පියා වන 4 වන ජෝර්ජ් රජතුමා තමයි corgi කියන බලු විශේෂය රාජකීය පවුලට හඳුන්වා දීලා තියෙන්නේ. එදා ඉදන් වෙනම රාජකීය බලු පරම්පරාවක් බ්‍රිතාන්‍ය මාළිගයේ ඇති දැඩි වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post