කැස්බෑවා කියන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සතෙක්. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තිරය කියන්නේ කැස්බෑවන්ගේ අභිජජන කලාපයක්. වසරේ සෑම කාලයකම වගේ කැස්බෑවන් බිත්තර දාන්න දකුණු වෙරළ තීරයට එනවා.
ඊයේ මිරිස්ස වෙරළ තිරයේ ඉඳලා අපූරු කැස්බෑ පැටවූ දෙන්නෙක් සොයා ගත්තා. දෙබිඩි කැස්බෑ පැටවු දෙන්නෙක් තමයි මේ විදියට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සොයාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පළවෙනි වරට තමයි දෙබිඩි කැස්බෑවන් දෙදෙනෙක් සොයා ගත්තේ.
මේ දෙබිඩි කැස්බෑවන් දෙදෙනා මිරිස්ස වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව යටතේ පවත්වාගෙන යන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවෙනවා.