News Line| Off Air
Generic placeholder image

Apr
18

ප්‍රේක්ෂකයින් පුදුමයෙන් බලා සිටියදී ඉන්දීය නායකයින් දෙදෙනා IPL පිටියේදී ගැටෙයි.

730 Views


ප්‍රේක්ෂකයින් පුදුමයෙන් බලා සිටියදී ඉන්දීය නායකයින් දෙදෙනා IPL පිටියේදී ගැටෙයි.

IPL තරඟාවලිය මේ දවස්වල ඉන්දියාවේදී පවත් වෙනවා. ඉන්දීය ක්‍රිකට් රසිකයන් පුනපුලා බලා සිටිය තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්. මේ තරඟයේ විශේෂත්වය වුනේ කණ්ඩායම් දෙකට නායකත්වය දුන්නේ ඉන්දීය ජාතික කණ්ඩායමේ නායක වීරත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා.

මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 213 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. සුපිරි පිතිහරඹයක නිරතවුන නායක ෂර්මා ලකුණු 94 ක් ලබා ගත්තා. රෝහිත් ශර්මාගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් ඇතුලත් වුණා. ශර්මාට අනගි සහයක් ලබාදුන් එවින් ලෙවිස් පන්දු 42 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් ලබා ගත්තා. උමේෂ් යාදව් සහ කොරී ඇන්ඩර්සන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගියා. නමුත් ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට පුළුවන් වුනේ ලකුණු 167 ක් විතරයි. කණ්ඩායම ජයග්‍රහණයට ගෙනියන්න තනියම සටන් කල විරාත් කෝලි පන්දු 62 කදී නොදැවී ලකුණු 92 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ඇතුලත් වුණා.

කෲනාල් පාණ්ඩ්‍යා කඩුලු 3 ක්ද ජස්ප්‍රීට් බුම්රා සහ මිචෙල් මැක්ලෙනගන් කඩුලු 2 බැගින් දවා ගත්තා. පළවෙනි තරඟ 3 ම පරාජය වෙලා හිටිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මේ තරඟයේ ලකුණු 46 ක් දැවැන්ත ජයග්‍රහණයක් ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post