News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් බලන්න අද ලංකාවට අවස්ථාව

1243 Views


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් බලන්න අද ලංකාවට අවස්ථාව

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ අපේ පෘතුවිය වටා බ්‍රමණය වෙමින් අපට සේවය සපයන ස්ථානයක්. විශේෂයෙන්ම ඇමරිකාවේ NASA ආයතනය එක්ක එකතු වෙලා තමයි මෙයාල වැඩ කරන්නේ. ඉතින් අද (18) රාත්‍රියේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය කියනවා.

NASA ආයතනය කියන්නේ අද පස්වරු 6:53 ට මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට පැහැදිළිව දර්ශනය වෙනවා කියලයි.

අහසේ තියෙන දීප්තිමත් වස්තු අතරින් පියවි ඇසට පේන තුන්වන දීප්තිමත් ම වස්තුව මෙය වෙනවා. ඉතින් ඔබටත් වැස්ස නැති පැහැබර අහසක් තිබුනොත් අද මේක පියවි ඇසින් දැකගන්න පුළුවන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post