News Line| Off Air
Generic placeholder image

Apr
19

අද එක ලග්නයක් මත්පැන් භාවිතයෙන් වැලකෙන්නම ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1243 Views


අද එක ලග්නයක් මත්පැන් භාවිතයෙන් වැලකෙන්නම ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 19 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.42 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.37 සිට 03.05 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර 

 

මේෂ ලග්නය

අවංකව හා යුක්ති සහගතව කටයුතු කළහැකි දිනයකි. එමෙන්ම මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් යාමේදී අද දින  ප්‍රවේසම් යුතුයි. සමාජ සේවා වැනි වැඩ කටයුතු වලට සහභාගී වීමට සිදුවන දිනයකි. දෙමාපිය හා  වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය                                             ජය අංකය: 01

වෘෂභ ලග්නය

අලුතින් දෙයක් ඉගෙනගැනීමට ඉතාම සුභ දිනයකි. ආදායම වැඩි විය හැකි දිනයකි. එමෙන්ම වියදම් තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි. පවුලේ සාමය වැඩි වන දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 01

මිථුන ලග්නය

නව අධ්‍යාපන රටාවකට යොමුවිය හැකි දිනයකි. කෝපයෙන් හා වෛරයෙන් යුතුව කටයුතු කිරීම ඔබට පාඩු ගෙනදෙන දිනයකි. එමෙන්ම තීරණ ගැනීමේදීද වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ලේඛන කලාවටද සුභ දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 03

 

කටක ලග්නය

වගකීමෙන් හා වැඩි ගෞරවයකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. අවංකව කටයුතු කරන්න. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. පැවරෙන වගකීම් සාර්ථකව ඉටුකිරීමේ හැකියාව පවතින දිනයකි. විදෙස් භාෂාවක් හැදෑරීමට වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 02

සිංහ ලග්නය

අන් අයට ආදර්ශමත්ව දිනය ගත කරයි. පාලන බලය නොමදව ලැබෙන ස්වාධීන තීරණ ගන්න දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට සුභ දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 01

කන්‍යා ලග්නය

ඔබේ වාග් ශක්තිය අද දින ඔබට වැඩි වාසි ගෙනදෙන දිනයකි. කතා ශක්තිය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. එබැවින් කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න. විදෙස් සම්බන්ධතා ඇතිවන දිනයකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සුභ දිනයකි. නව නිර්මාණ හා කලා කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: තද කොළ පැහැය                                                         ජය අංකය: 09

 

තුලා ලග්නය

ඔබ අද මත්පැන් පානය නොකළ යුතුම දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. අවශ්‍යතාවය තේරම් ගෙන කටයුතු කරන දිනයකි. අනවශ්‍ය දේ ඉවතලා ප්‍රශ්න හමුවේ සාර්ථකව කටයුතු කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                          ජය අංකය: 08

වෘශ්චික ලග්නය

 

නිරෝගී භාවය උදාවන දිනයකි. අන් අයගේ දුකට පිහිට වන දිනයකි. ඔබටද නොමදව උදව් ලැබෙන දිනයකි. සත්‍ය අවබෝධ කරගෙන සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. අන් අයගේ දුකට පිහිට වන දිනයකි. එමෙන්ම අසරණ අය වෙනුවෙන් අද ඔබ පෙනී සිටින දිනයකි.
ජය වර්ණය: රෝස පැහැය                                         ජය අංකය: 07

 

 

ධනු ලග්නය

සැලසුම් සහගත ජීවිතයක් ගත කළහැකි දිනයකි. නිතරම සන්සුන්ව වැඩ කටයුතු කරන්න. සතුරු කරදර පිළිබඳව නම් වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. තීරණ ගැනීමේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ව්‍යායාමයක් මගින් හා ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දැහැමිව හා මනා ආත්ම විශ්වාසයකින් යුතුව ඔබේ වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය                                 ජය අංකය: 06

 

මකර ලග්නය

ඔබට අතපසු වුනු වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. ඔබේ ධාරණ ශක්තිය අද දින වඩාත් ඉහලය. නිර්මාණ වලට නව අදහස් පහල වන දිනයකි.  නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ඔබට කෙතරම් බාධා ආවත් ඒ සියල්ල පසෙකලා ඉදිරියටම යා හැකි දිනයකි. ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන දිනයකි.
ජය වර්ණය: දම් පැහැය                                       ජය අංකය: 05

 

 

කුම්භ ලග්නය

ඔබ අද දින නිවැරදි තීරණ මත ක්‍රියාත්මක වන්න. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව ක්ෂණිකව හා කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. උසස් වීම් හා තනතුරු අපේක්ෂා කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                        ජය අංකය: 04

 

මීන ලග්නය

වගකීමෙන් යුතුව තම වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින අතර අන් අයගේ වැඩි ගෞරවයද ලබාගත හැකි දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කරන දිනයකි. ඔබට පැවරෙන වගකීම් ඉතාම සාර්ථකව හසුරුවාගත හැකි දිනයකි. දුර ගමන් හා කෙටි ගමන් ඇතිවන අතර එමගින් නව මිතුරන් ඇතිවන දිනයකි.  ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා ගුරු පැහැය                             ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post