තාක්ෂණය කොතරම් දියුණුද කියනවා නම් දෙමවුපියන් නොමැතිව වුනත් දරුවන් බිහි කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ අපූරු පුවතක් චීනයෙන් අහන්න ලැබුණා. ඒ සැබෑ දෙමවුපියන් මියගොස් සිටියදීත් වෙනත් මවුකුසක උපත ලද දරුවෙක් ගැන.
2013 අවුරුද්දේදී මේ දරුවාගේ මව සහ පියා රිය අනතුරකින් මිය ගිහින් තියෙනවා. හැබැයි අනතුර වෙන්න අවුරුදු කිහිපයකට කලින් නළ දරු ක්‍රමය ඔස්සේ දරුවෙක් ලබා ගන්න ඔවුන් උත්සහා කරලා තිබ්බා. ඒ සඳහා ඔවුන්ගේ කලල ප්‍රදේශයේ රෝහලක අධි ශීතකරණයේ තැන්පත් කරලා තිබ්බා. කලලය අයිති යුවල මිය ගියාට පස්සේ ඔවුන්ගේ දෙමවුපියන්ට මේ කලලයෙන් දරුවෙක් හදා ගන්න අවශ්‍ය වුණා.
හැබැයි ඒකට චීනයේ නිතිය දිගටම හරහට හිටියා. අවසානේ ඔවුන්ට සිද්ධ වුනේ ලාඕසයේ කාන්තාවකගේ ගර්භාශයේ මේ කළලය තැන්පත් කරන්න. නයිට්‍රජන් පිරවූ බෝතලය ඇතුලත් කළලය ලාඕසයට ගෙනියන්න කිසිම ගුවන් යානයක් කැමති වුණේ නෑ.. අවසානයේ ඔවුන් මෝටර් රථයකින් කළලය ලාඕසයට ගෙනියනවා.
පහුගිය දවසක මේ දරුවා උපත ලබනවා. “ටියෑන් ටියෑන්” කියලා තමයි ඔවුන් දරුවාට නම තියලා තියෙන්නේ. මේ වෙද්දී දරුවා ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.