News Line| Off Air
Generic placeholder image

Apr
19

පොදු රාජ්‍ය මණ්ඩලය ගැන ඔබ නොදත් දේ මෙන්න.

2347 Views


පොදු රාජ්‍ය මණ්ඩලය ගැන ඔබ නොදත් දේ මෙන්න.

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන මත්රුවක් තමයි පොදු රාජ්‍ය මණ්ඩලය. මේ දවස්වල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් ලන්ඩන් නුවරට රැස්වෙලා ඉන්නේ. මේ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට පොදු රාජ්‍ය මණ්ඩලය ගැන නොදන්නා දේවල් තියෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ විස්තර කිහිපයක්.

  • බිලියන 7.4 ක් පමණ වුන ලෝක ජනගහනයෙන් තුනෙන් එකක්, ඒ කියන්නේ 2.4 ක පමණ ජනතාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අයත්.
  • පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති රටවලින් වැඩිම ජනගහනයක් ඉන්නේ ඉන්දියාවේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමස්ත ජනගහනයෙන් අඩක් ඉන්දියාවේ ඉන්නවා.
  • රුවන්ඩාව සහ මොසැම්බික් රටවල් 2009 දී සහ 1995 දී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත්තත් ඔවුන් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙලා ඉඳලා නෑ.
  • 2003 දී රොබට් මුගාබේ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් සිම්බාබ්වේ රාජ්‍ය ඉවත් කර ගත්තා. 1999 හමුදා කුමන්ත්‍රණයෙන් පස්සේ පකිස්ථානයේ සාමාජිකත්වය අත්හිටෙව්වා. හැබැයි වසර හතරහමාරකට පස්සේ නැවතත් සාමාජිකත්වය ලැබුණ. 2016 දී මාලදිවයින පොදු රාජ්‍ය මණ්ඩලය හැරගියා.
  • ලෝක භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති.


News Articles
Latest Videos
Most Popular Post