මිනිසාට හිතා ගන්නවත් බැරි අරුම පුදුම නිර්මණ වලට තමයි ලෝක පුදුම නිර්මාණ කියන්නේ. ඒ විදියේ නිර්මාණ 7 ක් එකතු කරලා ලෝක පුදුම 7 නිර්මාණය කරලා තියෙනවා. මේ ලෝක පුදුම 7 ට ඇතුලත් එක් නිර්මාණයක් තමයි ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය. අනිත් පුදුම 6 මිනිසා විසින් නිර්මාණය කරද්දී මහා බාධක කොරල් පරය නිර්මාණය කරන්නේ ඇසටවත් නොපෙනෙන කුඩා ජීවින්.
කොහොම වුනත් මේ වෙද්දී මහා බාධක කොරල් පරය විනාශ වෙන්න පටන් අරන් කියලා විද්‍යාඥයින් අනතුරු අඟවනවා. එකට හේතුව වෙලා තියෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. මේ නිසා ඇති වෙන සමුද්‍ර තාප තරංග නිසා කොරල් පර වලට දැඩි හානි පමුණුවලා තියෙනවා.
2016 ඇතිවුන විශාලම සමුද්‍ර තාප තරංග නිසා නැහැ බාධක කොරල් පරයේ උතුරු දෙසින් සැතපුම් 500 ක් පමණ ප්‍රදේශයක් විනාෂ් වෙමින් තියෙනවා. මේ නිසා කොරල් පද්ධතියේ 30% ක් පමණ විනාශ වෙලා තියෙනවා. ඒ වගේම 2017 දී ඇති වුන සමුද්‍ර තාප තරංග නිසා ඒ තත්වය තවත් වැඩි වෙලා තියෙනවා. 1998 දී සහ 2002 දීත් තාප තරංග නිසා මේ කොරල් පරයට හානි සිද්ධ වුණා.
වසරකට මිලියන 2 ක පමණ ජනතාවක් මහා බාධක කොරල් පරය නරඹන්න එනවා. ඒ නිසා රැකියා අවස්ථා 64, 000 ක් පමණ ඇතිවෙලා තියෙනවා. ඒ හරහා වාර්ෂිකව ඕස්ට්‍රේලියානු රජයට බිලියන 6.4 ක ආදායමක් ලැබෙනවා. මිනිසා විසින් මේ දේශගුණික විපර්යාස වලට කරන බලපෑම නතර නොකලොත් ලෝකය පුරා එකම කොරල් පරයක්වත් බලා ගන්න බැරි වේවි.