News Line| Off Air
Generic placeholder image

Apr
19

කළමණාකරුවාට කැමති විදිහට පෙම්වතා තෝරාගත යුතු, ක්‍රීඩකයන් හා කතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුණු cheer girls ලාගේ ඇත්ත ජීවිතය මෙන්න.

1364 Views


කළමණාකරුවාට කැමති විදිහට පෙම්වතා තෝරාගත යුතු, ක්‍රීඩකයන් හා කතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුණු cheer girls ලාගේ ඇත්ත ජීවිතය මෙන්න.

අද කාලයේ එල්ලේ තරඟයක් තිබ්බත් Cheer Girls ලා ඉන්නවනේ. විශේෂයෙන්ම ක්‍රිකට් තරඟ වලදී නම් Cheer Girls ලා කියන්නේ දැන් අනිවාර්ය අංගයක්. පිටියේ මුල්ලක තියෙන වේදිකාවක අපූරු නර්තනයක් ඉදරිපත් කරන Cheer Girls ලා දිහා බැලුවම පේන්නේ ඔවුන් ඉතාම සතුටින් ඉන්නවා කියලා.

හැබැයි ඔවුන්ගේ ජිවිතයේ පිටුපස නම් තියෙන්නේ කඳුළු කතාවක්. ගොඩාක් Cheer Girls ලට නීති රීති මැද්දේ තමයි ඉන්න වෙන්නේ,. තමන් Cheer කරන කණ්ඩායමේ කළමනාකාරිත්වය තමයි ඒ සියල්ල තීරණය කරන්නේ. ඒ වගේම තමන් ආදරය කල යුත්තේ කවුද කියලා පවා තීරණය කරන්නේ කණ්ඩායමේ කළමනාකාරිත්වය.

මේ මොන නිතිය යටතේ සේවය කරත් ඔවුන්ට ලැබෙන්නේ ඉතාම අවම වැටුපක්. මේ තියෙන්නේ ගොඩක් Cheer Girls ලට පනවලා තියෙන නීති රීති කිහිපයක්.

  • ශරීරයේ බර ගැන දෛනිකව අවදානය යොමු කිරීම.
  • cheer කරන විට ආභරණ සියල්ල ගැලවිය යුතුය.
  • පච්චා ප්‍රදර්ශනය නොකළ යුතුය.
  • ජලය පානය කල හැක්කේ නියමිත විවේකයේදී පමණි.
  • පෙම් කල යුත්තේ ක්‍රීඩා සමාජයේ නීති රීති වලට අනුවය.
  • සාමාන්‍ය ඇඳුම් වලට මාරුවීමට කලින් ක්‍රීඩාංගනයෙන් ඉවත් විය යුතුය.
  • සමාජ ජාල ක්‍රියාකාරකම් සිමා කල යුතුය.
  • කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ පෞද්ගලිකව හෝ අන්තර්ජාලය ඔස්සේ කතා කල නොහැක.
  • ක්‍රීඩකයින් සමඟ එකම අවන්හලේ ආහාර ගත නොහැක.
  • තමා ආහාර ගන්නා අවන්හලට ක්‍රීඩකයෙක් ආවොත් ඉන් ඉවත්විය යුතුය.


News Articles
Latest Videos
Most Popular Post