News Line| Off Air
Generic placeholder image

Apr
19

ඉතාලියේදී මත්පැන් බොන ශ්‍රී ලාංකිකයන්ට වෙනදේ මෙන්න. රට යන්න කලින් ඔබත් මේ ගැන දැනුවත් වෙන්න.

611 Views


ඉතාලියේදී මත්පැන් බොන ශ්‍රී ලාංකිකයන්ට වෙනදේ මෙන්න. රට යන්න කලින් ඔබත් මේ ගැන දැනුවත් වෙන්න.

සමහර අයට තියෙන හීනයක් තමයි රට ගිහින් කියක් හරි හොයාගෙන ඇවිත් ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඒ වගේ රට යන්න හදන අය ගොඩක් උත්සහ කරන්නේ ඉතාලියට යන්න. මේ වෙද්දීත් ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් ඉතාලියේ ජිවත් වෙනවා.

කොහොම වුනත් මේ නම් ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් ගැන ඇහෙන කඳුළු කතාවක්. හම්බුකරන්න ඉතාලියට යන ශ්‍රී ලාංකිකයන් සමහරක් තදින්ම බීමට ඇබ්බැහි වෙනවා. මේ නිසා ඔවු රැකියා පවා අහිමි කර ගන්නවා. මේ විදියට රැකියා අහිමි වුන පිරිස් ඉතාලියේ සිඟමන් යදිනවා කියලා අනෙකුත් ශ්‍රී ලාංකිකයන් පවසනවා.

ඉතාලියේ මිලානෝ, නගරයේ සුපිරි අවන්හල් ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන් සිඟමන් යැදීම සුලබ දසුනක් කියලයි අනෙකුත් ශ්‍රී ලාංකිකයන් කියන්නේ. ඒ අවන්හල් වලට එන ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ යාචකයින් මුදල් ඉල්ලා සිටිනවා. ඔවුනුත් ශ්‍රී ලාංකිකයන් නිසා බොහෝ අය ඔවුන්ට මුදල් ලබා දෙනවා.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කියන විදියට ලාංකිකයන් ඉතාලියේදී යාචකයින් වෙන්න ප්‍රධානම හේතුව බීමත්කම. ඒ වගේම රැකියාවක් කරන ගමන් අමතර මුදක් හොයා ගන්න සිඟමන් යදින අයත් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post