News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

“මම ෂූටින් ගිහින් හැම තැනම නාලා තියෙනවා. ඇඟ හෝදගෙන එන්නම්.” – කැළණි ගඟට බිලිවුණ සුරූපී නිළිය අන්තිමටම කියපු කතාව.

3004 Views


“මම ෂූටින් ගිහින් හැම තැනම නාලා තියෙනවා. ඇඟ හෝදගෙන එන්නම්.” – කැළණි ගඟට බිලිවුණ සුරූපී නිළිය අන්තිමටම කියපු කතාව.

පහුගිය 16 වෙනිදා රංගන ශිල්පිනියක් වතුරේ ගිලිලා මිය ගියා. අයගේ පියා දුව මිය යන්න කලින් කියපු අමුතු කතාවක් ගැන පුවත්පතකට ප්‍රකශ කරලා තිබ්බා.

පවුලේ අයත් එක්ක මේ ගමන යන්න කලින් දවසේ තුෂානිගේ මව වතුරේ ගහගෙන යන හීනයක් දැකලා තියෙනවා. මේ නිසා ගමන වෙන දවසක යමු කියලා කිව්වම තුෂානි එකට විරුද්ධ වෙලා. “අම්මට පිස්සුද මම ෂූටින් යන කොට ලංකාවේ හැම තැනම නාන්න ගිහින් තියෙනවා. ඒ නිසා අම්මා බය නැතුව ඉන්න.” කියලා තුෂානි මවට පවසලා.

ගමන පිටත් වුනාට පස්සේ විවිධ බාධා ඇති වුණා කියලා තුෂානිගේ පියා සඳහන් කරනවා. “17 වෙනිදා තමයි බෝට්ටු පදින්න ගියේ. මමයි නොනයි ගියේ නෑ. දුවලා දෙන්නා ඇතුළු කිහිප දෙනෙක් ගියා. මේ අය බෝට්ටු පැදලා ආවා. බිලත් ගෙවලා පිටත් වෙන්න හැදුවම දුව කිව්වා මට තව පොඩ්ඩක් අංග සෝදාගන්න ඕන කියලා ගඟ පැත්තට ගියා.මමයි ලොකු දුවයි ගඟ පැත්තට ගියා.” තුෂානිගේ පියා එදා සිදුවීම විස්තර කරේ එහෙමයි.

කොහොම වුනත් තුෂානි නාමින් සිටියදී සැඬ පහරට අහුවෙනවා. තුෂානිගේ පියා ඇයව බේරා ගන්න වතුරට පනින්න හැදුවත් වටේ හිටිය පිරිස් එය වළක්වනවා. බෝට්ටු පදින පිරිස් ඇවිත් තුෂානිව සොයා ගන්නා කොටත් ඇය මිය ගිහින් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post