අද ලග්න 03 ක් කෝපය පාලනය කරගන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
957 Views
අද 2018 අප්‍රියෙල් මස 20 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.37 සිට දහවල් 12.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.09 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොණ
මේෂ ලග්නය

වචන භාවිතය ඉතාමා උසස් මට්ටමක පවතින දිනයකි. අන් අයගේ සහාය ඉතාම පහසුවෙන් ලබාගත හැකි දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි. වැඩ අධික වන ඔබ වෙනදට වඩා වඩාත් කාර්යබහුල විය හැකි දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 06
වෘෂභ ලග්නය

සිතෙහි සතුට වර්ධනය වනා දිනයකි. නමුත් යම් යම් දේවල් වලට බාධා ඇතිවිය හැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. තරගකාරී කටයුතු වලටද සුභ දිනයකි. ඉවසීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
මිථුන ලග්නය

හවුලේ කට්‍රන කටයුතු ව්ලාට ඉතාම යහපත් දිනයකි. හවුල් ව්‍යාපාර වල දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. වියදම් තත්වය නම් වැඩිවිය හැකි දිනයකි. දුර බැහැර මිතුරන්ද ඔබ හමුවට එන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 08
කටක ලග්නය

ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්න විට උදෑසන එයට වැඩිපුර යොදාගන්න. ආහාර ගැනීමේ රටටව ගැන සැළකිලිමත් වන්න. ව්‍යාපාර, කළා,. හා සංචාරක කටයුතු වලින් නම් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. සෙම් සහිත රෝග තිබේනම් වඩාත් කල්පනාකාරී වන්න. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 04
සිංහ ලග්නය

ඔබේ රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. පෙර පින ඉස්මතු වන දිනයකි. තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. නමුත් අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

වෘත්තීය බද්ඡා ඇතිවිය හැකි දිනයකි. කාලය හා මුදල් කළමනාකරණය වඩාත් වැදගත් වන දිනයකි. හොදින් සිතා බලා කටයුතු කළයුතු දිනයකි. ඔබේ සෞඛ්‍ය පිළිබඳවද ව්දආත් ප්‍රවේසම් විය යුතු දිනයකි. වැඩිහිටියන්ගෙන් මෙන්ම හිත මිතුරන්ගෙන් උදව් ලැබෙන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

මනසට සැහැල්ලුවක් ලැබෙන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු එන දිනයකි. ආවේගශීලී සිතුවිලි පාලනය කරගත යුතු දිනයකි. අලුත් වැඩ කටයුතු වලට හොද ආරම්භයක් ලැබෙන දිනයකි. ගමන් බිමන් ඇතිවන දිනයක් වන අතර ඒවා වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 09
වෘශ්චික ලග්නය

යම් කෝපය දනවන සිතුවිලි වර්ධනය වන දිනයකි. වැඩ කටයුතු කල් දමන ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. තරමක කලබලකාරී ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. මුදල් භාවිතයේදීද ප්‍රවේසම් විය යුතු දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03
ධනු ලග්නය

ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. කෝපය පාලනය කරගන්න. පිළිවෙලකට අනුව වැඩ කිරීම මගින් දිනය මෙන්ම තම ව්‍යාපාර පවා වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. කලා කටයුතු වලට නම් වඩාත් යෝග්‍ය දිනයකි. වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. වචන භාවිතයේදීද සැළකිලිමත් වන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 04
මකර ලග්නය

සෞඛ්‍ය පීඩා ඇතිවිය හැකි දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිතව මෙන්ම ආමාශගත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ඒවා වලින් ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ සතුරු කරදර හා සියුම් බාධාකාරී තත්වයන් සමනය වන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 04
කුම්භ ලග්නය

ආයෝජන අවස්ථා පිළිබඳව ඔබ වැඩියෙන් අවදානය යොමු කරන දිනයකි. ඔබේ ලැබීම් තත්වය ඉතාම උසස් දිනයකි. අලුතින් දේවල් ඉගෙනගන්නා දිනයකි. බොහෝ පිරිස් සමඟ ගනුදෙනු කළහැකි දිනයකි. යාන වාහන, නිවසක් මිලදී ගැනීමටද යෝග්‍ය දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. සිතේ තිබූ බාධා දුරුවී යන සුභ දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
මීන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් පෙන්නුම් කරන දිනයකි. තමන් කරන කියන කටයුතු වලට වැඩියෙන් බාධා ඇතිවන දිනයකි. විශේෂයෙන්ම අන් අය සමඟ කරන ගනුදෙනු වලදී ඔබ වැඩියෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. තීන්දු තීරණ ගැනීමේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව, ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: දීප්තිමත් නිල් පැහැය ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353