News Line| Off Air
Generic placeholder image

Apr
20

ශ්‍රී මහා බෝධියට පූජා කල අටපිරිකරක ගඩොල් කැටයක්.

674 Views


ශ්‍රී මහා බෝධියට පූජා කල අටපිරිකරක ගඩොල් කැටයක්.

අටපිරිකර පූජා කරනවා කියන්නේ බුදු දහමට අනුව මහා පිනක්. හැබැයි මේ වෙද්දී කූඨ වෙළඳුන්ගේ ජාවාරම් වලට අටපිරිකරත් හසුවෙලා. ප්‍රමිතියෙන් තොර අටපිරිකර ගැන පහුගිය කාලයේම අහන්න ලැබුණා.

ශ්‍රී මහා බෝධියට පූජා කල අටපිරිකරක තිබී ගඩොල් කැටයක් හමුවෙලා තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ මේ බව සඳහන් කරා. මේ පිළිබඳ සොයා බැලීමේදී හෙළිවෙලා තියෙන්නේ අටපිරිකර විකුණලා තියෙන්නේ බෞද්ධ නොවන පුද්ගලයෙක් කියලා.

මේ නිසා මින් ඉදිරියට බෞද්ධ නොවන අයට පූජා භාණ්ඩ අලෙවිය තහනම් කරන්න කියලා අමාතයවරයා නිලධාරීන්ට නියෝග කරා. පූජා භාණ්ඩවල ප්‍රමිතිය දැඩිව පරික්ෂා කරන්න කියලා ප්‍රමිති ආයතනයට දැනුම් දුන්නා කියලත් එතුමා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post