හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඊයේ ඇතිවුන අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙක් මිය ගියා. ගින්නකින් මේ අනතුර සිදු වුනා කිව්වත් පසුව හෙළිවුණේ විෂ වායුවක් නිසා මේ අනතුර සිදුවුණා කියලයි. කොහොම වුනත් ඇත්තටම මොකද වුණේ කියලා අපි හොයලා බැලුවා.
මේ රබර් කර්මාන්ත ශාලාවේ ඇති අපද්‍රව්‍ය වලක දොරක් සේවකයෙක් විවෘත කරලා තියෙනවා. ඒ නිසා අපද්‍රව්‍ය වලේ තිබ්බ ඇමෝනියා වායුව පිටතට ඇවිත් ඒ සේවකයා සිහිසුන්ව වලට වැටෙනවා. ඔහුව බේරා ගන්න එන ගමේ මිනිසන් සහ කර්මාන්ත ශාලාවේම සේවකයින් කිහිපදෙනෙක් වලට ඇද වැටෙනවා. ඒ වගේම ඇමෝනියා වායුව පැතිරිලා කර්මාන්ත ශාලාවේ 20 දෙනෙකු පමණ සිහිසුන්ව වැටෙනවා.
අපද්‍රව්‍ය වලට වැටුන 5 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඇමෝනියා වායුව ආග්‍රහණය වුන පිරිස් රෝහල් ගත කර තිබෙනවා. අපද්‍රව්‍ය වලේ විෂ වායුව තිබූ බව නොකීම නිසා ගමේ මිනිසුන් සහ සේවකයින් අතර උණුසුම් තත්වයක් ඇතිවෙනවා. පසුව කැරලි මර්ධන පොලිසිය කැඳවලා තත්වය සමනය කරන්න සමත් වෙනවා.
ඡායාරුප ලංකාදීප පුවත්පතෙන්.