News Line| Off Air
Generic placeholder image

Apr
20

මැයි 7 ට කල්ගිය මැයි දිනයේ පෞද්ගලික අංශයට නිවාඩු නැද්ද?

1430 Views


මැයි 7 ට කල්ගිය මැයි දිනයේ පෞද්ගලික අංශයට නිවාඩු නැද්ද?

වසර පුරාම වැඩ කරන සේවකයින්ගේ දවස තමයි “ලෝක කම්කරු දිනය” කියන්නේ. මේ අවුරුද්දේ මැයි 1 වෙනිදා වෙසක් සතිය දීලා තියෙනවා. ඒ නිසා මැයි 1 වෙනිදාට යෙදුනු මැයි සැමරුම් මැයි 7 වෙනිදා පවත්වන්න රජය තීරණය කළා.

ඊට ආදලා ගැසට් පත්‍රය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කරලා තිබ්බා. මැයි 7 වෙනිදා රජයේ නිවාඩු දිනයක් විදියටත් මේ ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මැයි දිනය රජයේ වෙළඳ සහ බැංකු නිවාඩු දිනයක්. හැබැයි මැයි 7 වෙනිදා නිවාඩු ලබා දුන්න ගැසට් පත්‍රයේ රජයේ සහ බැංකු නිවාඩු පමණක් ලෙස තමයි සඳහන් කරලා තියෙන්නේ.

මේ නිසා පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු ලබා දීම ගැටළුවක් වෙලා තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරේ මැයි දිනය පඩි සහිත නිවාඩු දිනයක් කියලා. එම නිවාඩුව මැයි 7 ට යෙදෙන නිසා එය වෙළඳ නිවාඩුවක් කියලා සලකන්න කියලා.


News Articles
Latest Videos
Most Popular Post