ලෝකේ තියෙන වඩාත් ආරක්ෂාකාරිම ප්‍රවාහන ක්‍රමය ගුවන් ප්‍රවාහනය කියල තමයි විශ්වාස කරන්නේ. එත් ඉඳල හිටලා අනතුරු සිද්ධ වුන අවස්ථා අපට ඕන තරම් වාර්තා වෙනවා. මේ විදිහට අනතුරක් වෙන්න ගිය ගුවන් යානයක් සහ එකේ ගියපු මඟින් බේරගත්ත ගුවන් නියමුවෙක් ගැන තොරතුරක් අපට ඇමරිකාවෙන් වාර්තා වුණා.
ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ඉඳන් ඩලස් බලා පියාසර කළ සවුත් වෙස්‌ට් ගුවන් සේවයේ බොයිං 737 වර්ගයේ ගුවන්යානයේ එන්ජිමක් අඩි 32,500 ක් ඉහළ අහසේදී පුපුරාල ගිහින් තියෙනවා. මේ නිසා යානයට හානි වුනත් මගීන් 149 දෙනා එක්ක අසල වූ ෆිලදෙල්ෆියා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්‌වන්නට නියමුවා සමත් වෙලා තියෙනවා.
පුපුරා ගිය එන්ජිමේ කොටසක් වැදීල ගුවන්යානයේ ජනේලයක් ගැලවිල ගිහින්. ඒ නිසා ජනේලය අසල ආසනයේ හිටපු කාන්තාවක් පිටතට ඇදී යැම නිසා එම කාන්තාව මරණයට පත් වෙලා තියෙනවා. එම කාන්තාව උඩු ගුවනේදී පිටතට ඇදී යද්දී මගීන් පිරිසක් ඇගේ පසු කොටස අල්ලා ඇය ආපසු යානය තුළට ඇදගත්තත් දරුණු විදිහට තුවාල ලබා සිටි ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකි වෙලා නැහැ. මේ අනතුරින් තවත් හත් දෙනකු තුවාල වෙලා තියෙනවා.
ගුවන්යානය ගුවන්ගත වෙලා විනාඩි 20 කට පස්සේ හදිසියේම ගුවන්යානයේ වම් එන්ජිම පුපුරා ගහින්. ඒ සමඟ ගුවන්යානය හෙල්ලී ගොස් තත්පර ගණනක් ඇතුළත ඔක්‌සිජන් උපකරණ මගීන් වෙත විවෘත වෙලා තියෙනවා. මේ නිසා පුපුරා ගිය එන්ජිමේ කැබැල්ලක් ජනේලයක වැදී එය කැඩී ගොස් එයින් ගුවන්යානය තුළට වාතය එන්නට පටන්ගෙන තියෙනවා. ඒත් එකක්ම ගුවන්යානය එක් වරම පහළට කඩා වැටෙන්නට පටන්ගෙන තියෙනවා. අඩි තිස් දෙදහස් පන්සියයක උසින් ගමන් කළ යානය විනාඩි පහක් තුළ අඩි දස දහසක් දක්‌වා පහතට ඇදී ගිහින් තියෙනවා.
මේ අතර ගුවන් නියමුවා යානය පාලනය කරගෙන අසල වූ ෆිලඩෙල්ෆියා ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩ බෑමක් ලෙස යානය ගොඩබස්‌වන්නට සමත් වුණා. ඒ වනවිට මගීන් හිටියේ මර බියෙන් ගැහෙමින්. ඒ වෙනකොට සමහර මගීන් තමන් ජීවිතයෙන් සමුගන්නා බවට තම සමීපතමයන්ට කෙටි පණිවුඩ පවා යවා තිබිලා තියෙනවා.
අනතුරින් මිය ගිහින් තියෙන්නේ හතළිස් තුන් හැවිරිදි දෙදරු මවක වන ජෙනිෆර් රියෝවොන් ය. ඇය ඇමෙරිකානු බැංකුවක උප සභාපතිනියක වූ අතර සුප්‍රසිද්ධ සමාජ සේවිකාවක් වුණා.
https://youtu.be/3cQ4aXoToj4