News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

ශ්‍රී ලංකාවේ ලෝක පූජිත ක්‍රීඩකයාට ක්‍රිකට් උප සභාපතිගෙන් චෝදනාවක්.

845 Views


ශ්‍රී ලංකාවේ ලෝක පූජිත ක්‍රීඩකයාට ක්‍රිකට් උප සභාපතිගෙන් චෝදනාවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ දවස්වල වැඩිපුර කතා බහ වෙනවා. එ්කට හේතුවක් තමයි ක්‍රිකට් නිලවරණය. ලබන මැයි මාසයේ 19 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න නියමිතයි.

මේ අතර ක්‍රිකට් වංචා දූෂණ ගැනත් කතා බහක් අැති වෙලා තියෙනවා. එ් වගේම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් විදෙස් මාධ්‍යකට පවසලා තිබ්බේ ලංකාවේ ක්‍රිකට් දේශපාලනයට යට වෙලා කියලා. ඊයේ තිබ්බ ක්‍රිකට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් මේ ගැන අැහුවා.

එ්කට උත්තර දුන්න උප සභාපතිතුමා කිව්වේ ක්‍රිකට් නිලවරණයක් ළං වෙද්දී එ් වගේ කතා සාමාන්‍ය දේවල් කියලා. පටු අරමුණු වෙනුවෙන් එ්වගේ ප්‍රකාශ කරනවා කියලා.

කොහොම වුනත් මුරලිදරන් කියන්නේ වසර ගණනාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඔහුට තවත් ලබා ගන්න දෙයක් නෑ. ලෝකය පුරාම ක්‍රිකට් ලෝලීන්ගේ අාදරය හිමි වෙලා අවසානයි. එකම ජාත්‍යන්තර තරඟයක්වත් ක්‍රීඩා නොකර අද ඊයේ ක්‍රිකට් පරිපාලනයට අාපු අය වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කැපවුන අයට වඩා දන්නවා කීම නම් ලොකු හාස්‍යක්.


News Articles
Latest Videos
Most Popular Post