News Line| Off Air
Generic placeholder image

Apr
23

බිරිඳට අපහාස කල බොක්සිං ක්‍රීඩකයාට අමීර් ඛාන්ගෙන් මුෂ්ටි පහරක්.

837 Views


බිරිඳට අපහාස කල බොක්සිං ක්‍රීඩකයාට අමීර් ඛාන්ගෙන් මුෂ්ටි පහරක්.

කොටන කුකුළට මොන කොටුවත් එකයි කියනවනේ. සැබෑ දක්ෂයට තමන් කොච්චර කල් විවේක ගත්තද, ප්‍රතිවාදිය කවුද කියන එක අදාලම නෑ. අමීර් ඛාන් කියන්නේ ලෝක බොක්සිං වළල්ලේ ප්‍රභල නමක්.

ඔලිම්පික් රිදී පදක්කම සහ බොක්සිං ලෝක ශූරතා 2 ක් දිනා ගන්න අමීර් ඛාන් සමත්වෙලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු 2 දී කිසිම බොක්සිං තරඟයකට ඔහු සහභාගී වුනේ නෑ. ඒ නිසා ක්‍රීඩා විචාරකයින් පවා කිව්වේ අමීර්ට සල්ලි සහ ප්‍රසිද්ධිය නිසා බොක්සිං අමතක වෙලා කියලා. හැබැයි තමන්ට කිසිදෙයක් අමතක නෑ කියලා සෙනසුරාදා පැවැත්වුන බොක්සිං තරඟයෙන් අමීර් ඔප්පු කරලා පෙන්නුවා.

වසර 2 කට පසුව වළල්ලට පැමිණි අමිර්ගේ ප්‍රතිවාදියා වුණේ සුපිරි බොක්සින් ක්‍රීඩක කැනේඩියානු ජාතික පිල් ලෝ ග්‍රෙකෝව. අමීර්ට ඔහු සමඟ පෞද්ගලික තරහකුත් තිබ්බා. ඒ පිල් ලෝ අමීර්ට සහ ඔහුගේ බිරිඳට ප්‍රසිද්ධියේ අපහාස කරලා තිබ්බා. ඒ පළිය ගන්න අමීර්ට ගතවුනේ තත්පර 39 ක් විතරයි.

සටන පටන් අරන් තත්පර 39 ක් ගත වෙද්දී නොකවුට් ජයග්‍රහණයක් ලබා ගන්න අමීර් ඛාන් සමත් වුණා. ඒ පිල් ලෝ තමන්ගේ දෙපාමුල ඇද දමලා. මේ තරඟය බලන්න ලිවර්පුර් නුවර “එකෝ අරිනා” ක්‍රීඩාංගණයට 9000 ක පමණ පිරිසක් පැමිණිලා හිටියා.


News Articles
Latest Videos
Most Popular Post