News Line| Off Air
Generic placeholder image

Apr
23

භූමිදානය කළ දියණිය දින 4 කට පසු නිවසට. අනියම් පෙම්වතාගේ සැලසුමක්.

1045 Views


භූමිදානය කළ දියණිය දින 4 කට පසු නිවසට. අනියම් පෙම්වතාගේ සැලසුමක්.

තමන්ගේ පවුලේ කෙනෙක් මැරිලා අවසන් කටයුතු කරාට පස්සේ මැරුණා කෙනා ගෙදරට ආවොත්? බය වෙන්නද, අඩන්නද, සතුටු වෙන්නද කියලා හිතා ගන්න බෑ නේද. එහෙම සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

තමන්ගේ දියණිය සහ පුණුපුරා අතුරුදහන්වෙලා දින කීපයකට පස්සේ දියණියගේ මෘත ශරීරය ගංගාවක තිබී සොයාගෙන තිබෙනවා. හඳුනාගත නොහැකි තරමට මල සිරුර විනාශවෙලා තිබ්බත් දියණියගේ සිරුර බව පවසා අවසන් කටයුතු සිදු කරලා. හැබැයි ඊට දින කිහිපයකට පස්සේ දියණිය සහ මුණුපුරා නැවතත් නිවසට ඇවිත්.

පොලීසය තොරතුරු හොයලා බලද්දී හෙළි වෙලා තියෙන්නේ මේ තරුණිය අනියම් සැමියා සමඟ පැනලා ගිහින්. ඉමෝ හරහා හඳුනාගත්ත තරුණයෙක් සමඟ තමයි මේ කාන්තාව පැනලා ගිහින් තියෙන්නේ. නුවරඑළියේ හෝටල්වල දවස් කිහිපයක් ගත කරලා. පසුව එම තරුණයා මේ ළමයා සහ කාන්තාව බුලත්සිංහල ප්‍රදේශයට ගෙනවිත් දමා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post