News Line| Off Air
Generic placeholder image

Apr
23

මහේලගේ ගෝලයෝ ආයෙත් පරදී.

695 Views


මහේලගේ ගෝලයෝ ආයෙත් පරදී.

IPL තරඟාවලියේ 21 වන තරඟය ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ. IPL තරඟාවලියේ අවාසනාවන්තම කණ්ඩායම වුන මුම්බායි පිල ඊයෙත් රාජස්ථාන් කණ්ඩායම අතින් පරාජය වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත මුම්බායි නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලෙවිස් ලකුණු නොලබා දැවී ගියා. ඊට පසුව පිටියේ එක්වුන යාදෙව් සහ ඉෂාන් කිෂාන් 2 වෙනි කඩුල්ලට ලකුණු 129 ක් සමන්ධතාවක් ගොඩනැගුවා. ඉෂාන් ලකුණු 58 යි. 4 පහර 6 ක් සහ 6 පහර 3 ක් සමඟින් යාදෙව් ලකුණු 72 යි.

පොලාඩ් නොදැවී ලකුණු 21 යි. මුම්බායි පිලේ මැදපෙළ සහ අවසාන පිතිකරුවන් කාටවත් සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. Jofra Archer කඩුලු 3 ක් ලබා ගත්තා. ධවාල් කුල්කානි කඩුලු 2 යි. පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබා ගත්තා.

ලකුණු 168 ක ඉලක්කයක් හඹා යන්න පිටියට ආව රාජස්ථාන් පිලේ මුල් කඩුලු 2 ක ඉක්මනින් දැවී ගියා. රහනේ ලකුණු 14 යි. සංජු සැම්සන් ලකුණු 52 යි. බෙන් ස්ටෝක් ලකුණු 40 ක් ලබා ගත්තා. රාජස්ථාන් පිලේ මැදපෙළ අසාර්ථක වීමත් එක්ක තරඟය නැවත විවෘත වුණා. නමුත් අවසන් මොහොතේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කල ක්‍රිෂ්නප්පා ගොව්තම් නොදැවී ලකුණු 33 යි. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා.

තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී රාජස්ථාන් පිල තරඟය ජයග්‍රහණය කරා. බුම්රා සහ පාණ්ඩය කඩුලු 2 ක බැගින් ලබා ගත්තා. තරඟයේ වීරයා Jofra Archer.


News Articles
Latest Videos
Most Popular Post