News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

මේ පාර දන්සල් වලට දාපු අලුත්ම නීති රීති ටික මෙන්න.

2264 Views


මේ පාර දන්සල් වලට දාපු අලුත්ම නීති රීති ටික මෙන්න.

අලුත් අවුරුදු උණුසුම යන්නත් කලින් වෙසක් අසිරිය පැතිරෙන්න පටන් අරන්. එකට හේතුව මේ අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසයේම නිසා. වෙසක් කියද්දීම මතකයට එන තවත් දෙයක් තමයි දන්සැල්.

ලංකාවේ මිනිස්සු කොහොමත් දනට පිනට ලදී ජාතියක්. ඒ නිසා වෙසක් පෝයට දන්සල් වලින් නම අඩුවක් නෑ. හැබැයි නිකන් දෙන දේ වුනත් පිරිසිදුව පිළිවෙලකට දෙන්න ඕන නේ. අනික සමහරු දන්සල් පිටින් දාල වංචනිකව මුදල් එකතු කරනවා. ඒ නිසා මේ සැරේ දන්සැල් දෙනකොට නිර්නායක 6 ක් පනවන්න බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව තීරණය කරලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ නිර්ණායක 6.

01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.

02.දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.

03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.

04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.

05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.

06. සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම.

වෙසක් පෝයට දන්සලක් දෙන්න ඉන්නවා නම් ඔබත් මේ කරුණු පිළිපදින්න අමතක කරන්න එපා. එහෙම වුනොත් ඔබ කරන පින වඩාත් යහපත් වේවි.


News Articles
Latest Videos
Most Popular Post