News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

ඔබේ ලග්නයට අනූව අදින්න ඕන ඇදුමේ පාට මෙන්න.

1629 Views


ඔබේ ලග්නයට අනූව අදින්න ඕන ඇදුමේ පාට මෙන්න.

අද කාලයේ විලාසිතා කියන්නේ සාමාන්‍ය දෙයක්. බාල මහලු බේදයක් නැතුව විලාසිතා කරන්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. හැබැයි සමහරුන්ට ඇඳුමේ පාට තෝරන්න ගියාම මොන පාට ගැලපෙනවද කියලා හිතා ගන්න බෑ.

ඒ නිසා මේ කියන්න යන්නේ ඔබේ ලග්නයට අනුව ඇඳුමේ වර්ණය තෝරා ගන්න විදිය.

මේෂ ලග්නයට රතු වර්ණය ජයගෙන දෙන අතර සුදු සහ කහ පැහය මිතුරු වේ . නිල් සතුරු ය .

වෘෂභ ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ නිල් මිතුරු ය .

මිථුන ලග්නයට කොළ පැහැය ඉතා සුබ වේ . සුදු සහ නිල් මිතුරුවේ . කහ පැහැය සතුරු ය .

කටක ලග්නයට සුදු ඉතා සුබය . කහ සහ රතු පැහැය මිතුරු ය . විචිත්‍ර වර්ණ අසුබ ය .

සිංහ ලග්නයට තැඹිලි පැහැය ජයගෙන දෙන අතර සුදු සහ කහ මිතුරු ය .

කන්‍යා ලග්නයට කොළ පාට ඉතා සුබය. සුදු සහ විචිත්‍ර වර්ණ මිතුරු වේ . කහ පාට අසුබ ය .

තුලා ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ කොළ මිතුරු ය . තැඹිලි පාට සතුරු ය .

වෘශ්චික ලග්නයට රතු ඉතා සුබය . තැඹිලි වර්ණය මිතුරු ය .

ධනු ලග්නයට කහ පැහැය ජයගෙන දෙන අතර සුදු , සහ නිල් මිතුරු ය .කොළ පැහැය සතුරුය .

මකර ලග්නයට නිල් පැහය ජයගෙන දේ . සුදු ,කොළ සහ විචිත්‍ර වර්ණ මිතුරු ය .රතු පාට සතුරුය .

කුම්භ ලග්නයට නිල් පැහැය සුබවේ . සුදු සහ රතු වර්ණ මිතුරු ය .විචිත්‍ර වර්ණ සතුරුය .

මීන ලග්නයට කහ පැහැය ඉතා සුබය . සුදු රතු සහ නිල් මිතුරුය .කොළ පැහැය සුබ නැත .


News Articles
Latest Videos
Most Popular Post