News Line| Off Air
Generic placeholder image

Apr
25

තවත් තීරණාත්මක ඡන්දයක් මේ වසරේදී.

415 Views


තවත් තීරණාත්මක ඡන්දයක් මේ වසරේදී.

ඡන්ද කියන එක ලංකාවට අලුත් දෙයක් නෙවෙයිනේ. අවුරුද්දකට එක ඡන්දයක් හරි ලංකාවේ තියෙනවා. මේ වසරේ මුල පළාත් පාලන ඡන්දය තිබ්බා. ඒ ඡන්දයේ උණුසුම මැකිලා යනවත් එක්කම තවත් මැතිවරණයක් ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පළාත් 6 ක ඡන්දය තියන්න ඕන කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා. සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා මේ වෙද්දීත් විසුරුවලා තියෙන්නේ. මධ්‍යම, උතුර සහ වයඹ පළාත් සභා තුනේ කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන් වෙන්න නියමිතයි. ඒ පළාත් සභා 6 ම මැතිවරණය ලබන දෙසැම්බර් මස 15 වෙනිදා වෙද්දී පවත්වන්න බලාපොරොත්තු වෙනවා කියලයි සභාපතිවරයා කිව්වේ.

පළාත් සභා ඡන්දය කල් දැමීමට එරෙහිව ජනමතයක් ගොඩනගන්න ඕන කියලා එතුමා වැඩි දුරටත් සඳහන් කරා. ඡන්දය පවත්වන්න ඕන සියලුම නෛතික වටපිටාව හදලා දුන්නොත් ඔක්තෝම්බර් මාසේ 02 වෙනිදා වෙද්දී නම යෝජනා කැඳවන්න පුළුවන් කියලයි මැතිවරණ කොමිසමේ සභාපති කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post