News Line| Off Air
Generic placeholder image

Apr
25

Audi, Maruti දිනන්න බලාගෙන ඔබත් FB Post ශෙයාර් කරාද? එහෙනම් ඔබට ලැබෙන දේ මෙන්න.

1654 Views


Audi, Maruti දිනන්න බලාගෙන ඔබත් FB Post ශෙයාර් කරාද? එහෙනම් ඔබට ලැබෙන දේ මෙන්න.

බුකියේ ඉන්න සමහරුන්ට ලණුවක් පෙන්නන්න විතරයි ඕන. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇදලා අරන් ගිලිනවා. මේ දවස්වලත් ඒ වගේ ලොකු ලණුවකට බුකියේ ඉන්න බහුතරක් අහුවුනා.

ඒ Audi මෝටර් රථයක් දිනා ගන්න Post එකක් Share කරලා. මේ Post එක Share කරන අය 5 දෙනෙක් අහඹු විදියට තෝරලා අලුත්ම Audi මෝටර් රථ 5 ක් තෑගි දෙනවා කියලයි Post එකේ සඳහන වෙන්නේ. හැබැයි මේ වෙද්දි ඒ කතාවේ ඇත්ත නැත්ත හෙළිවෙලා තියෙනවා.

Audi Sri Lanka සමාගම ඔවුන්ගේ නිල Facebook පිටුවේ සටහනක් තබමින් කියලා තියෙන්නේ ඒ පුවත බොරුවක් කියලා. Audi සමගම තාම ඒ විදියේ ප්‍රවර්ධන කටයුත්තක් ආරම්භ කරලා නෑ කියලයි.

ව්‍යාජ Facebook Post එක.

Audi Sri Lanka නිල Facebook පිටුවේ තැබූ සටහන


News Articles
Latest Videos
Most Popular Post