මේ දවස්වල වාහන තියෙන අය භයේ ඉන්නේ කවදා තෙල් මිල වැඩි වෙයිද කියලා. ඒ වගේම කියකින් වැඩි වෙයිද කියලා. මොකද පහුගිය දවසක තෙල් මිල වැඩි කරන්න මිල සූත්‍රයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන්න සූදානම් වුන නිසා.
ඊයේ තිබ්බ කැබිනට් මණ්ඩල රැස්වීමේදීත් මේ ගැන කතා කරා. කැබිනට් රැස්වීමේදී ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් අනිත් ඇමතිවරු ඇහුවේ තෙල් මිල දැන්ම වැඩි වෙනවද කියලා. හැබැයි ඇමතිතුමා නම් කිව්වේ දැන්ම ඉන්ධන මිල වැඩි කරන්න අදහසක් නෑ කියලා.
ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත් ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නෑ කියලයි අමාත්‍යවරයා කිව්වේ. ඒ වගේම කැබිනට් එකට ඉදිරිපත් කරනවා කිව්ව ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් කරෙත් නෑ.