තරුණියන්ගේ සුන්දරත්වය මනින විවිධ තරඟාවලි ලෝකය පුරාම පැවැත් වෙනවා. “Miss Glam World” කියන්නේ ඒ වගේ සුපිරි තරඟාවලියක්. මේ සැරේ Miss Glam World තරඟාවලියට ලංකාවෙනුත් තරුණියක් සුදුසුකම් ලබලා තියෙනවා.
ලංකාවේ තරුණියන්ගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් ඔබට කියන්න ඕන නෑනේ. ලෝකයේ අනෙකුත් රටවල් වල තරුණියන්ට හොඳ තරඟයක් දෙන්න ලංකාවේ තරුණියන්ට පුළුවන්. අනෙකුත් රූ රැජින තරඟ වලට වඩා Miss Glam World තරඟයේ විශේෂත්වයක් තියෙනවා.
ඒ තමයි මේ තරඟාවලියේදී තෝරා ගන්නේ රුවින් වගේම බුද්ධිමත් තරුණියන්. අනෙකුත් රූ රැජින තරඟ වගේ බිකිණි තරඟයක් නෑ.
ඉන්දියාවේ පැවැත්වෙන Miss Glam World 2018 තරඟාවලියට ලංකාවෙන් සුදුසුකම් ලබලා තියෙන්නේ විනෝද්‍යා රාමචන්ද්‍ර. මිට පෙරත් අවස්ථා කිහිපයකදීම ඇය මෙවැනි තරඟවලින් ලංකාවට කීර්තියක් ගෙනත් දීලා තියෙනවා. Miss Glam World තරඟාවලියේ Most Popular කියන Category එක ලංකාවට දිනා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
Most Popular Category එකේ විනෝද්‍යා රාමචන්ද්‍රට Vote කරන්න ඔබටත් අවස්ථාව තියෙනවා. මේ වෙද්දී වැඩිම මනාප අරගෙන තියෙන්නේ මැලේසියාවෙන් ඉදිරිපත් වුන තරුණිය. ඇය මේ වෙද්දී මනාප 2925 ක් ලබා ගෙන තියෙනවා. ලංකාවේ අපි එකතු වුනොත් විනෝද්‍යාට මේ කිරුළ දිනා දෙන එක මහා ලොකු දෙයක් නෙවෙයි.
ලෝකයේ අනිත් රටවලට වඩා ලංකාවේ තරුණියන් ලස්සනයි කියලා පෙන්නන්න මේක හොද අවස්ථාවක්. පහල තියෙන Link එකට ගිහිල්ලා ලංකාව වෙනුවෙන් විනෝද්‍යාට ඔබේ මනාපය පල කරන්න.
ශ්‍රී ලංකාවේ විනෝද්‍යාට ජනප්‍රියම කිරුළ දිනා දෙන්න ඔබේ මනාපය මෙතනින් පළ කරන්න – Click Here
http://poll.uniquetimes.org/miss-glam-world/miss-glam-world-2018-ms-sri-lanka/
මේ තියෙන්නේ විනෝද්‍යාගේ ඡායාරුප කිහිපයක්