ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා රුපියලේ අගය බාල්දු වෙලා තියෙනවා. ඊයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 158.69 ක් දක්වා ඉහල ගියා. අද දවල් වෙද්දී ඩොලරයේ අගය 159.4 ක් දක්වා ඉහළ ගියා.
මේ නිසා අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහළ යාමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආනයනික ආහාර මිල ඉහල යන්න පුළුවන් කියලා මත පල කරනවා.
කොහොම වුනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙළඳුන්ගේ සංගමය සඳහන් කරේ ඩොලරයේ වැඩිවීම ආනයනික ආහාර මිල ඉහළ යන්න බලපාන්නේ නෑ කියලා. ඒකට හේතුව පහුගිය කාලයේ ජාත්‍යන්තර වෙළඳපොලේ අත්‍යවශ්‍ය ආහාරවල මිල පහත වැටීම.