News Line| Off Air
Generic placeholder image

Apr
25

වෙසක් පෝය අප්‍රේල් 29 කියලා තීරණය කරේ කවුද? බුද්ධශාසන ඇමති හෙළි කරයි.

1512 Views


වෙසක් පෝය අප්‍රේල් 29 කියලා තීරණය කරේ කවුද? බුද්ධශාසන ඇමති හෙළි කරයි.

වෙසක් පෝය තියෙන්නේ වෙසක් මාසයේ කියලා තමයි දන්නා කලේ ඉඳලම අපිට කියලා දෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ වෙසක් පෝය තියෙන්නේ අප්‍රේල් මාසයේ. මේ ගැන විවාදයක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා.

පහුගිය ද මල්වතු අනුනායක හිමියන් පැවසුවේ වෙසක් පෝය අප්‍රේල් මාසයේ යොදා ගැනීම විහිළුවක් කියලා. ඒ වගේම ජාත්‍යන්තර වෙසක් දිනය සහ අනෙකුත් රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි 29 වෙනිදා එන පෝයට කියලා. අනුනායක හිමියන්ගේ මේ චෝදනාවට බුද්ධශාසන ඇමතිතුමා ඊයේ උත්තර දුන්නා.

බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා කිව්වේ වෙසක් පෝය තීරණය කරන්නේ “පෝදා කමිටුවෙන්” කියලා. ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ තමයි පෝදා කමිටුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ හෝ වෙනත් දේශපාලන අධිකාරියක සම්බන්ධයක් නෑ කියලයි අමත්‍යවරයා කිව්වේ.

මෙම පෝදා කමිටුවට භික්ෂූන් වහන්සේලා, ජේෂ්ඨ ජ්‍යෝතිෂයවේදීන් සහ ආචාර්ය මාහාචාර්යවරු ඇතුලත් වෙනවා. ඒ වගේම වසර 20 කට වරක් වෙසක් පෝය අප්‍රේල් මාසයේ යෙදෙනවා කියලත් අමාත්‍යවරයා ප්‍රකාශ කරා. දින දර්ශන හදන්න ඕන නිසා අවුරුදු 2 කට කලින් පෝය සහ වෙනත් නිවාඩු තීරණය කරනවා. ඒ කියන්නේ 2018 වෙසක් පෝය තීරණය කරලා තියෙන්නේ 2016 දී.


News Articles
Latest Videos
Most Popular Post