News Line| Off Air
Generic placeholder image

Apr
26

පොලිස්පති නියමයෙන් පාතාල කල්ලි සාමාජිකයාගේ විවාහයට දැඩි පොලිස් ආරක්ෂාවක්.

6575 Views


පොලිස්පති නියමයෙන් පාතාල කල්ලි සාමාජිකයාගේ විවාහයට දැඩි පොලිස් ආරක්ෂාවක්.

පොලීසියේ රාජකාරිය තමයි පාතාලය මර්ධනය කරන එක. හැබැයි පාතාල සාමාජිකයෙක්ට පොලීසිය ආරක්ෂාව සපයපු පුවතක් වාර්තා වෙනවා. වෙන කොහෙවත් නෙවෙයි ලංකාවෙන්මයි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සමජිකයෙක්ගේ විවාහ මංගල උත්සවයක් පහුගියදා තිබ්බා. මේ මංගල උත්සවය පැවැත්වුනේ වත්තල පොලීසියේ පූර්ණ ආරක්ෂාව යටතේ. මංගල යුවළ රැගත් මංගල රථය වත්තල, කදිරාන පාලම අසලට කැඳවාගෙන ආවේ කොළඹ පොලීසියේ ජීප් සහ යතුරුපැදි ආරක්ෂාව යටතේ.

එතන ඉදන් වත්තල පොලිසියේ ජීප් සහ යතුරුපැදි ආරක්ෂාව යටතේ වත්තල පිහිටි උත්සව ශාලාවකට රැගෙන ගිහින් තියෙනවා. මංගල උත්සවයට අමුත්තන් 300 ක් පමණ සහභාගී වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම පොලීසියේ දැඩි ආරක්ෂාව යටතේ තමයි උත්සව ශාලාවට ඇතුල් කරලා තියෙන්නේ. මංගල උත්සවයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකන් 20 ක පමණ පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයලා තියෙනවා.

මේ සියලුම ආරක්ෂක කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයේ ඉදන්ම මෙහෙයවලා තියෙනවා. ඒ වගේම මනාල යුවළ මධුසමයට පිටත් වෙලා තියෙන්නෙත් පොලිස් ආරක්ෂාව යටතේ. පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරය්ගේ ලිඛිත නියෝග මත තමයි පාතාල කල්ලි ස්මජිකයාගේ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව දීලා තියෙන්නේ.

විවාහ වුන පාතාල කල්ලි සාමාජිකයාට විවාහ මංගල දිනයේදී ඔහුව ඝාතනය කරනවා කියලා ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයෙක් තර්ජනය කරලා තියෙනවා. පාතාල කල්ලි සාමාජිකයා මේ බව පොලිස්පතිවරයාට පැමිණිලි කරලා. ඒ නිසා තමයි පොලිස්පතිවරයා ඔහුට විවාහ මංගල දිනයේදී පොලිස් ආරක්ෂාව දෙන්න නියෝග කරලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post