ලෝකයට බුද්ධිමතුන් බිහිකරපු රටක් තමයි ලංකාව කියන්නේ. ඒ අතරට එකතු වුන පොඩ්ඩෝ 3 දෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. සර්බියාවේ බෙල්ග්‍රේඩ්හිදී පැවැත්වුන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවට ලංකාව නියෝජනය කරලා පුංචි විද්‍යාඥයින් 3 දෙනෙක් සහභාගී වුණා.
ඔවුන් තුන්දෙනාම රන් පදක්කම් දිනා ගන්න සමත්වුනා. කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිදු රන්දිව්, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සමාෂි විහංගා සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සවන්දී සේනානායක තමයි ලංකාවේ නම ලෝකයට අරගෙන ගියේ.
බකිනි පලතුරේ පිළිකා නාශක ගුණය සොයා ගැනීම වෙනුවෙන් රඛිදු රන්දිව් රන් පදක්කම දිනා ගත්තා. ඩ්‍රැගන් ෆෘට් පලතුරේ පිළිකා පියවි සෛල නාශක ගුණය සොයාගැනීම වෙනුවෙන් සමාෂි විහංගා රන් පදක්කම දිනා ගත්තා. දේශීය ශාකයක ප්‍රතිජීවක ගුණය සොයා ගැනීම වෙනුවෙන් සවන්දී සේනානායකට රන් පදක්කමක් දිනා ගත්තා.
රටවල් 32 ක තරඟකරුවන් 100 කට අධික පිරිසක් මේ සමුළුවට සහභාගී වෙලා හිටියා.