අසාධාරණයෙන් හම්බ කරන සල්ලි යාදින්නේ නෑ කියනවානේ. ලෝකයේම ආදරය දිනා ගත්ත සුපිරි ක්‍රීඩාවක ලංකාවේ හිටපු නායකයෙක්ට වුන අපූරු වැඩක් ගැන අපිට ආරංචි වුණා.
මේ ක්‍රීඩකයා තරඟ පාවාදීමකට සම්බන්ධ වෙලා තියෙනවා. ක්රිදකයව තරඟ පාවාදීමට සම්බන්ධ කර ගත්ත බුකි කරුවන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් දෙන්න පොරොන්දු වෙලා. තරඟයෙන් පස්සේ සුපිරි ක්‍රීඩකයාට මුදල් එවලා තියෙන්නේ ඇමෙරිකාවේ හිටිය ලංකාවේ නිළියක් අතේ.
හැබැයි සල්ලිත් අරන් ලංකාවට ආව ඒ නිළිය ක්‍රීඩකයාට සල්ලි නොදී මාරු වෙලා. තරඟ පාවාදීලා ලබා ගත්ත මුදල් නිසා කාටවත් කියා ගන්නවත් බැරුවයි ඒ සුපිරි ක්‍රීඩකයා ඉන්නේ. ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරන ඒ වගේ ක්‍රීඩකයින්ට ඊටත් වඩා දඬුවමක් ලැබුනා නම් තමයි හොඳ.