කොළඹ, කොම්පඤ්ඤවීදියේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ නිසා එම නිවාස යෝජනා කරමේ ජිවත් වෙන පවුල් 114 කට අයිති 700 ක පිරිසක් ඉවත් කරන්න කියලා වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා නියෝග කරලා තියෙනවා.
මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ 1974 දී. ගොඩනැගිල්ල තියෙන්නේ අනාරක්ෂිත තත්වයේ කියලා 2012 දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වාර්තාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා.
නිවාස සංකීර්ණයෙන් ඉවත් කරන පිරිස වෙනුවෙන් තාවකාලික වාසස්ථාන ලබා දෙන්න ප්‍රතිපාදන වෙන්කරමින් පවතිනවා.