News Line| Off Air
Generic placeholder image

Apr
27

අවුරුදු උළෙලේ හොඳම ඇඩිම නිසා අතහැර ගිය පෙම්වතිය විවාහයට කැමැත්ත දෙයි.

1431 Views


අවුරුදු උළෙලේ හොඳම ඇඩිම නිසා අතහැර ගිය පෙම්වතිය විවාහයට කැමැත්ත දෙයි.

සමහරුන්ට ගණදෙවි නුවණ තියෙනවනේ. ගණදෙවි නුවන පාවිච්චි කරලා පරණ පෙම්වතියත් යාලු කරගෙන ගෙවල් වලත් ආශිර්වාදය ලබා ගත්ත තරුණයෙක් ගැන වාර්තා වුණා.

මේ තරුණයා යාළුවෙලා හිටිය පෙම්වතියගේ ගෙදරින් අකමැති වුන නිසාඅ දෙන්නා අකමැත්තෙන්ම සම්බන්ධය නතර කරලා. හැබැයි පහුගිය දා තිබ්බ අවුරුදු උත්සවයකට පරණ පෙම්වතිය දෙමව්පියන් එක්ක ඇවිත් ඉන්නවා තරුණයා දැක්කා.

ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුව තරුණයා ඉක්මනටම ඇඩිමේ තරඟයට ඉදිරිපත් වුණා. තරුණයා ඇඩිමේ මාතෘකාව වුනේ “බිඳුණු ආදරය”. පරණ පෙම්වතියගේ දෙමව්පියන්ටත් ඇහෙන්න තමන්ගේ අවංකකම ගැන සහ පෙම්වතියගේ මව්පියන්ට සලකන හැටි කියමින් තමයි ඇඩුවේ. තරුණයාගේ මේ ඇඩීම බලාගෙන හිටිය මිනිස්සුන්ටත් දුක හිතුනා.

කොහොම හරි අන්තිමේදී තරඟයේ ප්‍රථම ස්ථානය තරුණයා දිනා ගත්තා. ඒ වගේම පරණ පෙම්වතියගේ දෙමව්පියන්ගේ කැමැත්තත් ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post