වෙසක් දොරකඩට ආවට මොකද අවුරුදු උණුසුමත් තාම ගෙවිලා ගිහින් නෑ. තාමත් සමහර ප්‍රදේශවල අවුරුදු උත්සව පැවැත් වෙනවා. ඒ විදියට තිබ්බ අවුරුදු උත්සවයකදී පාසල් සිසුවෙක්ට තෑග්ගට බියර් බෝතලයක් දීලා තියෙනවා.
මාදිපොළ ප්‍රදේශයේ තිබ්බ අවුරුදු උත්සවයකදී තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. බෝතලයට් වළල්ල දැමීමේ තරඟයෙන් මේ පාසල් සිසුවා ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟය ජයග්‍රහණය කරාට සිසුවාට තෑග්ගට ලැබිලා තියෙන්නේ බියර් බෝතලයක්. පාසල් සිසුවා ඒක ප්‍රතික්ෂේප කරලා බිම බෝතලයක් ඉල්ලලා.
හැබැයි සංවිධායකයින් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා බියර් බෝතලය ගමේ කෙනෙක්ට විකුණලා ඒ සල්ලි වලින් බිම බෝතල් 2 ක් ලබා ගෙන තියෙනවා.