News Line| Off Air
Generic placeholder image

Apr
27

උපාධිධාරී සම්මුඛ පරීක්ෂණයට මනාලියක්.

855 Views


උපාධිධාරී සම්මුඛ පරීක්ෂණයට මනාලියක්.

විවාහය වගේම රැකියාවත් වැදගත්. මොකද විවාහ වුනාම වියදම් ඩබල් වෙනවනේ. ඒ නිසා වෙන්නැති විවාහය මැද්දේ සම්මුඛ පරීක්ෂණයට ආපු මනාලියක් ගැන වාර්තා වෙනවා.

උපාධිධාරීන් රජයේ රැකියා වලට බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වුණා. පෙරේදා තිබ්බ මේ සම්මුඛ පරීක්ෂණයට මනාලියකුත් ඇවිත් හිටියා.

බෙරලපනාතර කැටවලගම පදිංචි උපාධිධාරිනියක් වන කේ.ආර්. අමාලි ප්‍රියදර්ශන් මහත්මිය තමයි මේ විදියට සම්මුඛ පරීක්ෂණයට ආවේ. සිය මනාලයා සමඟ මධුසමය ගත කිරීමෙන් පස්සේ මනාලයාගේ නිවසේ තිබ්බ උත්සවයට යන ගමන් තමයි සම්මුඛ පරීක්ෂණයට ඇවිත් තිබ්බේ.


News Articles
Latest Videos
Most Popular Post