දැන් දෙපැත්ත බෙදිලා මරා ගත්තට මොකද ඉස්සර දකුණු සහ උතුරු කොරියාව එකම රටක්. අයියලා මල්ලිලා රණ්ඩු වුනාට ආයේ යාලු වෙනවනේ. උතුරු කොරියාවයි, දකුණු කොරියවයිත් ඊයේ ඓතිහාසික කාර්යකට මුලපිරුවා.
අවුරුදු 65 කට පස්සේ පලවෙනි වරට උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු දේශසීමාව තරණය කරා. ඒ දකුණු කොරියානු ජනාධිපතිවරයා එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡාවකට. දෙරටේ දේශසීමාවේ තියෙන යුධ මුක්ත කලාපයේදී තමයි මේ සාකච්ඡා පැවැත්වුනේ.
එරට වේලාවෙන් උදේ 9.30 ට තමයි උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් දකුණු කොරියාවට ආවේ. දකුණු කොරියාවේ ජනාධිපති මුන් ජෙන් යින් ඔහුව ඉතාම උණුසුම් අයුරින් පිළිගත්තා. කතා බහෙන් පස්සේ දෙරටේ නායකයින් වෙන වෙනම දිවා ආහාරය ගත්තා. අයෙත් හවස දෙරටේම නායකයින් සාකච්ඡාවේ සිහිවටනයක් විදියට පැල දෙකක් රෝපණය කරා.
රාත්‍රී භෝජනයෙන් පස්සේ සාකච්ඡා අවසන් වුණා. රාත්‍රී භෝජනයට විශේෂ ආහාර කිහිපයක් සකස් කරලා තිබ්බා. උතුරු සහ දකුණු කොරියාවේ මේ සාකච්ඡා ලෝක සාමයට හොඳ ආරම්භයක් කියලයි විචාරකයින් පවසන්නේ.
https://youtu.be/62kqLfy3mX4