News Line| Off Air
Generic placeholder image

Apr
27

ජපානයත් පරදන ලංකාවේ සුපිරි දුම්රිය ස්ථානය මෙන්න. – Photo / Video

5526 Views


ජපානයත් පරදන ලංකාවේ සුපිරි දුම්රිය ස්ථානය මෙන්න. – Photo / Video

ලංකාවේ රාජ්‍ය ආයතනවල පිළිවෙල ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ. හරියට නිකන් පිස්සන් කොටුවක් වගේ. විශේෂයෙන්ම බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන. හදිසියකට වාඩි වෙන්නවත් බැරි තරමට අපිරිසිඳුයි. හැබැයි යාපනයේ දුම්රිය ස්ථානය නම් ලංකාවේ කියලා කියන්න බැරි තරම්. ඒ තරමට පිරිසිඳුයි. . පිළිවෙලයි.

යාපනයේ සංචාරයක නිරතවුන කෙනෙක් යාපනය දුම්රිය ස්ථානය ගැන අපූරු සටහනක් තියලා තිබ්බා. ඒ සටහන කියෙව්වාම ඔයාලට හිතෙයි මේ වගේ දුම්රිය ස්ථානයක් ලංකාවේ තියෙනවද කියලත්.

සිංගප්පූරුව නෙමෙයි යාපනය !

30 වසරක මිලේච්ඡ බෙදුම්වාදය විසින් බෙදා වෙන් කරන්නට හැදූ රටේ ඒ සියල්ල පරදා එක්සත්ව එක රටක් එකම ජාතියක් තුළ මේ රට සිංගප්පූරුවක් කිරීම සිහිනයක් නොවෙන බව මේ පොළවේ ඔප්පු කළ තැනක් විදිහටයි මම යාපනය දුම්රිය ස්ථානය දකින්නේ.

මිලේච්ඡත්වයට තව දුරටත් හිස ඔසවන්නට බැරි තැනට වෙර දරන මිනිස්සු තමුන්ට ලැබුණු , හා තියෙන සම්පත් ටික පරිස්සමින් පරිහරණය කරමින් රැක ගන්න අපූරුව ලංකාවේ දුම්රිය ස්ථාන වලට විතරක් නෙමෙයි සමහර රාජ්‍ය ආයතන වලටත් පරමාදර්ශයක් කියලයි මට නම් හිතෙන්නේ.
ඔබ දන්නවාද ?
☝යාපනය දුම්රිය පොළේ එකම මල් පෝච්චියක වත් ටොෆි කොලයක්, සිගරට් කොටයක්, දුරකථන කාඩ් රීලෝඩ් කෑල්ලක් දකින්න නෑ කියා.
ඒ බිම දකින විට දාන්න හිතෙන්නේ නැතත් ඒ දැම්මත් දාන්නේ සංචාරයට ගිය මගීන් විතරයි.
ඒ දැම්මත් ක්ෂණයකින් සේවකයින් ඒවා පවිත්‍ර කරනවා.
☝ආබාධිත එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා සහිත අයට වෙනම ප්‍රවේශ පත් කවුලුවක් , ඔවුන්ට රෝද පුටු, දුම්රිය වේදිකාවට වෙනම ප්‍රවේශ පහසුකම් තියෙනවා කියා දන්නවා ද ?
☝සේවකයින් තමුන්ගේ මෝටර් බයිසිකල් ටික ඉතා පිළිවෙලට ගාල් කරලා
☝වියළි පරිසරය මැද්දේ තණකොළ මනාව සකසලා මනරම් පරිසර පද්ධතියක් ඉදිරියෙන්ම
☝ දුම්රිය මාර්ගයේ එකම ප්ලාස්ටික් බෝතලයක්, ඉටි කවරයක් , කසල කියන දේවල් නෑ.
☝ආපන ශාලාවේ ඉතාම ඉහල ගුණාත්මක බවක් තියාගෙන තියෙනවා විතරක් නෙමෙයි තියෙන පුංචි ඉඩ සීමාවේ වතුර , බීම බෝතල් ගබඩා කර තියෙන අපූරුව
☝ ඒ විතරක් ද භාෂා ප්‍රශ්නයක් තිබුණත් දකුණෙන් එන ඕනෙම කෙනෙක්ට හස්ත මුද්‍රාවෙන් හරි දෙයක් තේරුම් කර දෙන්න දක්වන උනන්දුව
☝යාපනය කියන්නේ හුගක් වෙලාවට බුලත් විට කන අය ඉන්න තැනක් වුණත් බුලත් කෙළ තැන තැන නොගහපු දුම්රිය පොළක් කියලා ඔයාලා දන්නේ නැතුව ඇති.
හැබැයි 5S වගේ ජපානෙන් ඉම්පෝර්ට් කරපු සංකල්ප නැතුව ඔවුන් හරි අපූරුවට මේක පවත්වාගෙන යනවා.

ජාතියේ මහා පහන් ටැඹ කියන ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ගොඩ නැගුණු යාපනය දුම්රිය ස්ථානය කියන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම දායකත්වයක්.

ඒ මොන දායකත්වය ලැබුණත් තියෙන දේත් ලැබුණ දේත් ඒ විදිහට පවත්වාගෙන යන්න බැරි නම් ලංකාවට දුම්රිය ස්ථාන සිංගප්පූරුවෙන් ගෙනත් සවි කළත් වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.

ලී ක්වාන් යූ සිංගප්පූරුව භාර ගන්න කොට කීවේ අපි ලංකාවේ මට්ටමට එන්න ඕනේ කියලා.අපේ නායකයෝ දැන් සිංගප්පූරුව දිහා බලාගෙන ඒ මට්ටමට එන්න මිනිසුන් ට හීන මවනවා.අඩු තරමේ අපිට දැන් මාලදිවයින මට්ටමට එන්නත් බැරි වෙලා කියලා වෙලාවකට හිතෙනවා .

කොහෙවත් නැති ජාතිවාදයි , ආගම් වාදයි කුළ වාදයි ඒවයි මේවයි වලින් දේශපාලන වාසි වලට උසි ගන්වන දේශපාලුවෝ ඉන්න රටක් වෙලා.
ඔබ මොහොතකට යාපනය දුම්රිය ස්ථානාධිපති තුමා කේ.ප්‍රදීපන් මහතාගේ අදහස අහන්න.ඔහු ඉතා පැහැදිලිව කියනවා ” අපි වැඩ කරනේ මේ තැන අපේ ගෙදර වගේ” කියා හිතලා කියා.එවැනි රාජ්‍ය සේවකයින් මොන ජාතියේ මොන ආගමේ වුණත් මේ රටට සම්පත්.ඔවුන්ට පඩි ගෙවන්නෙත් මිලියන දෙකක ජනතාව කියලා ඔවුන් තේරුම් ගැණීම ඊට වඩා වටිනවා.සමස්ත රාජ්‍ය සේවයමත් රටක් විදිහට පෞද්ගලික වේවා සමස්ත ජනතාවමත් එකට හිතනවා නම් සිංගප්පූරුව මේ පොළවේ යතාර්ථයක් වෙන්නේ නැති දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ.
ප්‍රදීපන් මහත්තයා ගෙන් සමුගන්න කලින් පොඩි ඉල්ලීමක් කළා.
සංචාරයට එන අයට පොඩි තොරතුරු සමරු හා ආවේනික නිෂ්පාදන මිලට ගන්න පොඩි කුටියක් හදන්න කියලා.ඔහු එය ඉතා ඉහලින් පිළිගත්තා වගේම එය ඉටු කරාවි කියලත් හිතනවා.
ඒ වගේම ඔබත් යාපනයේ සංචාරයට යනවා නම් මේ සුන්දරත්වය රැක ගන්න උදව් කරන්න.ඒ වගේම ගමන ඇතුලේ
දකිනවාට වඩා යමක් දකින්න
හිතෙනවා ට වඩා යමක් හිතන්න
එතකොට ආයේ කවදාවත් මිලේච්ඡත්වයට අපිව බෙදන්න බැරි වේවි.

Janitha Dissanayake
21 -04-2018

https://www.facebook.com/janitha.dissanayake.79/videos/430753634013958/


News Articles
Latest Videos
Most Popular Post