News Line| Off Air
Generic placeholder image

Apr
28

අද පවුල් ජීවිතය තුල වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

947 Views


අද පවුල් ජීවිතය තුල වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 28 වන සෙනසුරාදා 
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.03සිට උදෑසන 10.35 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.41 දක්වා 
සුභ දිශාව: දකුණ  
අසුභ දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

සුවපහසුව ගතකළ හැකි දිනයකි. ආත්ම ශක්තිය නොඅඩුව තිබෙන දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර දියුණු වන, ගමන් බිමන් වලින් වාසි සැලසෙන දිනයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කළයුතු දිනයකි.  බලවත් වන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 01

වෘෂභ ලග්නය

ඉවසීමෙන් යුතුව දිනය ගතකිරීම වඩාත් යහපත්. දුර ගමන් බිමන් නම් අද දින ඔබට සුදුසු නැත. සහකරුගේ හෝ සහකාරියගේ මාර්ග දියුණු වන හා සතුට වැඩි වන දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. නිහතමානිව මෙන්ම නිරහංකාරව කටයුතු කරන්නට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                            ජය අංකය: 04

මිථුන ලග්නය

සියලු බාධක යටපත් කරගෙන ඔබේ ව්‍යාපාර හා වෙළඳාම් වැඩ කටයුතු මෙන්ම බලාපොරොත්තු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ලේඛන කටයුතු වලටද සුභ දිනයකි.  ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                            ජය අංකය: 03

කටක ලග්නය

ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ලද දෙයින් සතුටු වන්න. සිත පාලනයෙන් යුතුව කල් ගෙවන්නට සිතට ගන්න.  අරපිරිමැස්මෙන් කටයුතු කල යුතුයි. අන් අයට ගරුත්වයෙන් සැළකිය යුතු දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                            ජය අංකය: 04

සිංහ ලග්නය

ඔබේ වියදම් පිළිබඳව සැළකිලිමත් විය යුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර වල ප්‍රශ්න ඇතිවන දිනයකි. ඔබ ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු  දිනයකි. තම දෙමාපියන්ට යුතුකම් ඉටු කරන්න. අතිරේක ලාභයක් ලැබීමට නම් යෙදෙන දිනයකි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ආගමානුකුලව දිනය  කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                                            ජය අංකය: 06

කන්‍යා ලග්නය

දුර ගමන් බිමන් ඇතිවන දිනයකි. ඔබේ බොහෝ අරමුණු හා බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට හැකිවන දිනයකි. සෑම අතින්ම ඔබේ බලාපොරොත්තු ඉටු වන දිනයක් වන අතර තමන්ගේ අගය අන් අය අතර වැඩි වන ගෞරවය ලැබෙන දිනයකි. නමුත් සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                            ජය අංකය: 04

 

තුලා ලග්නය

පවුල් ජීවිතය තුල වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයකි. කායික මෙන්ම මානසික සුවතාවයක් ලැබෙන දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. එබැවින් තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                            ජය අංකය: 02

වෘශ්චික ලග්නය

 

කායික පීඩා ඇතිවන දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබෙනවානම් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ආර්ථික ශක්තිය වර්ධනය වන දිනයකි. සතුරු බලවේග යටපත් කරගෙන දිනය ගතකිරීමේ වාසනාව ඇත. අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී  වන්න. ඔබේ සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි.
ජය වර්ණය: සුදු පැහැය                                                            ජය අංකය: 03

 

 

ධනු ලග්නය

දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඔබ ඉවසීමෙන් හා මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ප්‍රශ්න හමුවේ ඔබේ ආවේගශීලී ගති ලක්ෂණ ඔබ පාලනය කරගත යුතු දිනයකි. සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට නම් සුභ දිනයකි.
ජය වර්ණය: රෝස පැහැය                                                            ජය අංකය: 06

 

මකර ලග්නය

ඉතාම ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ලද දෙයින් සතුටුව කටයුතු කරන්න. මුදල් භාවිතයේදී නම් වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබ වෙනදට වඩා කාර්යබහුල වන දිනයක් විය හැකිය. එබැවින් කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. දිනය වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතුයි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                                            ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. අන් අයට පීඩාවක් නොවන පරිදි ඔබ කටයුතු කළයුතු දිනයකි. මත ගැටුම් වලට නොයමින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ලද දෙයින් සතුටු වන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 08

 

මීන ලග්නය

සිත් කලකිරීම්, රැකියා හා ව්‍යාපාර පිලිබඳ ගැටළු මෙන්ම දරුවන් පිලිබඳ ප්‍රශ්නද ඇතිවිය හැකි දිනයකි. ආදායම් තත්වය යහපත් වන දිනයකි. ඔබ නොසිතූ ලෙස ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. ප්‍රශංසා හා ගරු නම්බු නාම ලැබිය හැකි දිනයකි. දුරදක්නා නුවණින් යුතුව දෙමාපිය උපදෙස් මත කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                            ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post