News Line| Off Air
Generic placeholder image

Apr
28

“අපේ වගේ රටක නිරුවත් දර්ශන තියෙන වීඩියෝස් ගැලපෙනවා මදි. ඇඟ පෙන්නුවාම විව්ස් ගන්න පුළුවන් කියලයි හුඟක් අය හිතන්නේ.” – පියුමි බොතේජු දැන් තියෙන Music Video ගැන කියන කතාව.

1990 Views


“අපේ වගේ රටක නිරුවත් දර්ශන තියෙන වීඩියෝස් ගැලපෙනවා මදි. ඇඟ පෙන්නුවාම විව්ස් ගන්න පුළුවන් කියලයි හුඟක් අය හිතන්නේ.” – පියුමි බොතේජු දැන් තියෙන Music Video ගැන කියන කතාව.

පියුමි බොතේජු කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය තරුවක්. නිළියක් වගේම ඇය නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඉතිං පියුමි ඇයගේ අලුත් තොරතුරු පහුගිය දවසක කිව්වේ මේ විදිහට…

පියුමි… කොහොමද ඉතිං… මොනවද අලුත් තොරතුරු…?
හොඳින් ඉන්නවා.. අලුත් ටෙලි නාට්‍ය තුනක වැඩ කරගෙන යනවා. ඒ වගේම සුපුරුදු විදිහට නිවේදන කටයුතු හා හඬ කැවීම් කරගෙන යනවා. පසුගිය දවස් ටිකේ කාර්යබහුල වෙලා හිටියා. දැන්නම් ටිකක් නිදහස්..

අද හුඟක් මියුසික් වීඩියෝවලට නිරුවත් දර්ශන ඇතුළත් කරන එක ගැන මොකද හිතන්නේ..?
මෙහෙමයි.. අදාල සිංදුවේ තියෙනවා නම් ඒක අත්‍යවශ්‍යයි කියලා ඒකට මොකුත් කියන්න බෑ. අපි සංස්කෘතිය හැදියාව පිරි රටක්නේ.. වැඩිහිටියන්ට ගරු කිරීම ඒ වගේම අපි වැඩිහිටියෙක් ඉද්දි උස් තැනකින් ඉඳගන්නෙවත් නෑනේ.. ඉතිං අපේ වගේ රටක නිරුවත් දර්ශන තියෙන වීඩියෝස් ගැලපෙනවා මදි… ඒත් අත්‍යවශ්‍යමනම් ඒ සිංදුවට ඒක කමක් නෑ. නමුත් අදනම් වෙලා තියෙන්නේ හැම එකටම නිරුවත් දර්ශන දාන ට්‍රෙන්ඩ් එකක් හැදිලා. ඇඟ පෙන්නුවාම විව්ස් ගන්න පුළුවන් කියලයි හුඟක් අය හිතන්නේ.

පියුමි බොතේජුට ආදරේ දැනෙන්නේ කොහොමද..?
ආදරේ කියන්නේ හිතන්නකෝ ගහක් හොඳට ඵලදරන්න ජලය අවශ්‍යයි. අත්‍යවශ්‍යම සාදකයක් තමයි ජලය කියන්නේ. ඉතිං ජීවිතයක් පණ ලබන්න සතුට ලබන්න ආදරේ කියන දේ ඕනෙමයි. ආදරේ කියන්නේ උතුම් හැඟීමක්.

විරහ වේදනාව දැනිලා තියෙනව ද..?
ඔව්… දැනිලා නෑ කියනවානම් ඒක බොරුනේ. හැමෝටම විරහ වේදනාව දැනිලා තියෙනවා. හැබැයි මොන දේ වුණත් පියුමි බොතේජු වැටෙන කෙනෙක් නෙවෙයි.

ඉස්සෙල්ලම හිතට ආදරයක් ඇතිවුණේ කොයි කාලෙද..?
මම මගේ තාත්තව දැකපු දවසෙයි ඉස්සෙල්ලම ආදරයක් ඇති වුණේ.

විවාහ වුණාට පස්සේ එකට ජීවත්වෙන්න බැරි තරමට ප්‍රශ්න එනව නම් අයින් වෙන එකද හොඳ..?
අනිවාර්යෙන්ම. ලෝකෙට පේන්න ජීවත් වෙලා වැඩක් නෑනේ.

ආදරය ඇතුලේ රාගයට කොයි තරම් ඉඩක් වෙන් කරන්න ඕනෙ ද..?
ආදරයක් ඇතුලේ රාගය කියන්නේ වැලි කැටයක් වගේ දෙයක්. ඒත් දැන් මෑත යුගයේ අයට නම් ඒක මාරු වෙලා. ඒකයි හුඟක් දේවල් අහිමි කර ගන්නේ. ආදරයයි රාගයයි පටලවගත්තොත් වැඩේ වරදිනවා.

රොෂාන් රණවන හරි, දිමංක වෙල්ලාලගේ, කසුන් කල්හාර, හරි පියුමිට විවාහ යෝජනාවක් ගෙනාවොත් කාව ද විවාහ කර ගන්නේ..?
රොෂාන් රණවණ කියන්නේ කලා ලෝකයේ කෙනෙක්. ලස්සනම කොල්ලෙක්, මගේ හොදම යාළුවෙක්., මම ආශ්‍රය කරලා තියෙන හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. මට දෙපාරක් හිතන්න ඕනේ නෑ මම විවාහ කරගන්නේ රොෂාන් රණවණව.

මොනවද ඉදිරි බලාපොරොත්තු…?
කලාව කියන්නේ මගේ ජීවිතේ.. ඉතිං මැරෙනකංම රඟපාන්න තමයි මගේ බලාපොරොත්තුව..


News Articles
Latest Videos
Most Popular Post