News Line| Off Air
Generic placeholder image

Apr
28

හැමදාම තරුණ පෙනුම තියාගන්න මේ දේවල් නොකර ඉන්න.

887 Views


හැමදාම තරුණ පෙනුම තියාගන්න මේ දේවල් නොකර ඉන්න.

කෙනෙකුගෙන් වයස අහනකොට එකට උත්තර දෙන්න ගොඩක් දෙනෙක් කැමති වන්නේ නෑ. විශේෂයෙන්ම ගැහැණු පාර්ශවයේ අය. මගේ වයස කීයක් විතර පේනවාද කියලයි අහන්නේ. ඒ අතරේ සමහර අයගේ වයස නම් පෙන්නේ නෑ. තවත් අයගේ වයස මුහුකුරා ගියා සේ පේනවා.

වයසට යන එක කාටත් පොදු දෙයක්. එත් පෙනුම තරුණ විදියට තියාගන්න කාටත් පුළුවන්. මේකට අපි ගන්න ආහාර රටාව බලපානවා. තරුණ පෙනුම ලබාගන්න වගේම පෙනුම රැකගන්න මේ පතින් තියෙන පුරුදු වලින් වළකින්න.

කැෆේන් අධික ආහාර
තේ,කෝපි වැනි පානයන්, ශක්ති ජනකපාන, සෝඩා මෙන්ම චොකලට් පරිභෝජනය කිරිමෙන් සම ඉතා ඉක්මණින් විජලනයට ලක් වෙනවා.

ලුණු භාවිතය අවම කරන්න
සෝඩියම් අධික ආහාර වැඩිපුර ගැනීමෙන් සම ඉක්මණින් වයසට යන අතර හදවත් රෝග ඇති කිරිමට හේතු වෙනවා.

සීනි අධික ආහාර
සීනි අධික ආහාර ගැනීමෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යනවා. එහි ප්‍රතිළුලයක් ලෙස සමේ ඇදෙන සුළු බව නැතිවෙනවා. එවිට සම රැළි වැටෙනවා.

කලින් පිළියෙළ කළ මස් වර්ග
විටින විට ආහාර ගැනීම හැකි තරම් අවම කරන්න. සෝසේජස්,මීට් බෝල්ස්, බේකන් වැනි ආහාරවල ඇති කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය නිසා සම ඉක්මණින් වියපත් කරනවා.

පිළිස්සු මස්
මෙමගින් සමේ ඉදිමුමක් ඇති කරන්න පුළුවන් අහිතකර දෑ නිකුත් වෙනවා. එලෙසම සමේ අති කොලජන් අහිමි කරන අතර එම නිසා ඉක්මණින් වයසට යනවා.

මිරිස් ඇතුළු කුළුබඩු හැකි තරම් සීමා කරන්න. සැර අධික ආහාරවලින් සමේ පැහැයට හානි කරනවා.

කිරි ආහාර
කිරි සහිත ආහාර සියල්ලක්ම සමට අහිතකර නැහැ. නැවුම් කිරි,යෝගට් සමට ඉතාමත් හිතකරයි. නමුත් විශේෂයෙන් විවිධ ආකාරයට පිළියෙළ කළ චීස් වර්ග සමට එතරම් සුදුසු වෙන්නේ නැත.

පොප් කෝන්
පොප් කෝන්වලට ගොඩක් දෙනෙක් ප්‍රිය කරන අතර එහි අඩංගු ට්‍රාන්ස් කියන මේද කොටස හදවතට වගේම සමට හිතකර වෙන්නේ නැත. සම මත ඇතිවන ඉන්නන් සහ ලප වලට මෙය හේතු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post