News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

දන්සැල් වල ප්‍රමිතීන් හොයන්න හදිසි වැටලීම්. ඔබේ දන්සැලටත් මේ අය එන්න පුළුවන්.

1076 Views


දන්සැල් වල ප්‍රමිතීන් හොයන්න හදිසි වැටලීම්. ඔබේ දන්සැලටත් මේ අය එන්න පුළුවන්.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සල් පරීක්ෂා කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කලේ, ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් පමණ යොදවා ඇති බවයි.

දන්සැල්වල ලබාදෙන ආහාරවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති. විශේෂයෙන් බීම වැනි පාන වර්ග ලබා දීමේ දී පිරිසිදු ජලය පමණක් ලබා ගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.

පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදෙන දන්සැල් හිමියන් සම්බන්ධයෙන් දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතයි. වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 2,625 ක් ලියාපදිංචි වී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කලේ දන්සැල්් ලියාපදිංචි වී තිබිම අනිවාර්ය බවයි. ප්ලාස්ටික් ද්‍රව්‍ය තැන තැන දැමීමෙන් ඩෙංගු අවදානම ඉහළ යා හැකි බැවින් දන්සැල් වලදී පොලිතීන් භාවිතයෙන් වැළකී දිරායන කෙසෙල් කොළ, කැන්ද කොළ වැනි ද්‍රව්‍ය ආහාර ලබාදීමට භාවිත කරන ලෙස සෞඛ්‍ය අංශ දන්සල් හිමියන්ට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post