News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

වෙසක් පෝය දවසේ සල්ලි දන්සැලක්. – Photo.

2025 Views


වෙසක් පෝය දවසේ සල්ලි දන්සැලක්. – Photo.

වෙසක් දවසේ දන්සැල් කියන්නේ සුලභ දෙයක්. බිම දන්සැල්, බත් දන්සැල්, බෙලිමල් දන්සැල් වගේ විවිධ ආහාර සහ බිම දන්සැල් අද සහ හෙට දවස්වල පැවැත් වෙනවා. හැබැයි මේ සේරටම වඩා වෙනස් දන්සැලක් අද උදේ පවත්වලා තියෙනවා.

සල්ලි දන්සැලක් තමයි මේ විදියට පවත්වලා තියෙන්නේ. සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස තමයි මේ දන්සැල පවත්වලා තියෙන්නේ.මාවනැල්ල ලෝල්ලේගොඩ ඔහුගේ නිවාස ඉදිරිපිට තමයි දන්සැල පැවැත්වුවේ.

විශාල පිරිසක් මේ දන්සැලට ඇවිත් හිටියා. රුපියල් 100 නෝට්ටු තමයි මේ විදියට දන්සැලේ බෙදුවේ. පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ මේ දන්සැල දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post