News Line| Off Air
Generic placeholder image

Apr
30

අද ලග්න තුනක් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1947 Views


අද ලග්න තුනක්  සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 30 වන සඳුදා  
රාහු කාලය දිවා කාලය උදෑසන 07.29 සිට 09.02 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.13 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර 
මරු සිටින දිශාව: වයඹ 

මේෂ ලග්නය

හදවත් රෝගී තත්වයන් ඇතිවීමට ඉඅද ඇති දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මානව  කළමනාකරණය ආදී කටයුතු වලට නම් සුභ දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් බලාපොරොත්තු විය හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

ඔබේ පෞරුෂය ඉතාම යහපත් මට්ටමකට වර්ධනය වන දිනයකි. කලා කටයුතු වඩාත් යෝග්‍ය දිනයකි. තරමක සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කළහැකි දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. තම සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා වැඩි සැළකිල්ලක් දැක්විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                ජය අංකය: 03

මිථුන ලග්නය

තම කට ප්‍රවේසමෙන් ඔබ කටයුතු කළයුතු දිනයකි. කෝපයෙන්ම් යුතුව කටයුතු කිරීම නම් ඔබට අවාසි ගෙනදෙන දිනයකි. එබැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට සිතට ගන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. කලා කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                    ජය අංකය: 05

කටක ලග්නය

සෙම් සහිත රෝග පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් ලැබීම් අතින් නම් ඉතාම සුභ දිනයකි. යාන වාහන මිලදී ගැනීම් කටයුතු වලින් සුභ දිනයකි. තම පෞරුෂය හා අභිමානය රැකෙන පරිදි කටයුතු කළයුතු දිනයකි. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                           ජය අංකය: 09

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී නම් කල්පනාකාරී විය යුතු දිනයකි. එමෙන්ම ඔබේ සෞඛ්‍ය පිළිබඳවද වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                         ජය අංකය: 07

කන්‍යා ලග්නය

ආදායම් තත්වය වර්ධනය කරගැනීමට ඔබ වෙහෙසෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. එමෙන්ම අන් අයට උදව් උපකාර කිරීමට සිදුවන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා රතු පැහැය                                       ජය අංකය: 02

 

තුලා ලග්නය

රැකියා හා ව්‍යාපාර සම්බන්ධව කලකිරීම් ඇතිවන දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. ආමාශගත රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. බොහෝ කටයුතු වලදි ජයග්‍රහණ වෙනුවට සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. ආහාර රටාව පිළිබඳවද ඔබට අවදානය යොමු කිරීමට සිදුවන දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. පාඩු සහගත තත්වයන් ඇති වීමට ඉඩ ඇති දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                      ජය අංකය: 05

වෘශ්චික ලග්නය

 

මානසික පීඩා වැඩියෙන් ඇතිවිය හැකි දිනයකි. විදෙස් ගමන් යනවානම් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුල කටයුතු වලට යෝග්‍ය දිනයකි. මතභේද වලින් තොරව දිනය ගත කරන්න. එමගින් බොහෝ ලාභ ලබාගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු  කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                             ජය අංකය: 02

 

 

ධනු ලග්නය

කරන කියන කටයුතු වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. ලැබීම් අතින් ඔබට ඉතාම යහපත් දිනයකි. කලා කටයුතු වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. තම සෞඛ්‍ය පිළිබඳවද සැළකිලිමත් විය යුතු දිනයකි. සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. නමුත් කල්පනාකාරීව වැඩ කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                  ජය අංකය: 05

 

මකර ලග්නය

නව ව්‍යාපාර කටයුතු ආරම්භ කාරනාවට වඩා කරන්න කටයුතු හා ව්‍යාපාර කටයුතු නිසි සැලසුම් සහිතව කරගත යුතු දිනයකි. එමෙන්ම මානසික හා කායික පීඩා ඇතිවීමට ඉඩකඩ ඇති දිනයකි. අන් අය ඔබෙන් උදව් පතා එන දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. රැකියා කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙහෙසෙන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                 ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු ආශ්‍රිතව දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. වාග් ශක්තිය ඉතාම උසස් මට්ටමක පවතින දිනයකි. කතාවෙන් බොහෝ දේ ජයගත හැකි දිනයකි. නමුත් ඉවසිලිවන්තව දිනය ගෙවන්න.  නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 07

 

මීන ලග්නය

අධ්‍යාපන කටයුතු වලට නම් බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. සෞඛ්‍ය පීඩාද ඇතිවිය හැකි දිනයකි. නමුත් බොහෝ ශක්තීන් ඔබට ලැබෙන දිනයකි. ප්‍රේම සම්බන්ධතා වලට නම් වඩාත් යෝග්‍ය දිනයකි. තරගකාරී කටයුතු වලටද සුභ දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා දම් පැහැය                                           ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post