News Line| Off Air
Generic placeholder image

Apr
30

ගල්වෙල ගොවියෙක් අක්කර 5 ක වට්ටක්කා වගාව දන් දෙයි. – Photo

801 Views


ගල්වෙල ගොවියෙක් අක්කර 5 ක වට්ටක්කා වගාව දන් දෙයි. – Photo

වෙසක් පෝයට දන්සැල් කියන්නේ සුලභ දෙයක්. හැබැයි මේ වෙද්දී ආහාර පාන වලට අමතරව වෙනත් දේවලුත් දන්සැල් දෙන්න පටන් අරන්. ඊයේ උදේ තිබ්බ සල්ලි දන්සැලක් ගැනත් අපි ඔබට කිව්වා මතක ඇති.

ගල්වෙල ප්‍රදේශයේ මකුළුව ගස්වැව ප්‍රදේශයේ ගොවි මහතෙක් වට්ටක්කා ගෙඩි දන්සැලක් දුන්නා. ගලේවෙල – කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදී තමයි මේ වට්ටක්කා ගෙඩි දන්සැල දුන්නේ.

P. G. ජයවීර මහතා තමයි මේ විදියට තමන් දුක් මහන්සියෙන් වගා කරපු අක්කර 5 ක වට්ටක්ක වගාව දැන් දුන්නේ. රුපියල් ලක්ෂ 5 ක් විතර ඔහුට මේ වගාවට වියදම් වෙලා තියෙනවා. හැබැයි වට්ටක්කා වලට හරි මිලක් නොලැබුන නිසා තමයි ඔහු තමන්ගේ වගාව මේ විදියට දැන් දුන්නේ.


News Articles
Latest Videos
Most Popular Post