News Line| Off Air
Generic placeholder image

Apr
30

පොත්තෙන් ලස්සන වෙන්න හදන තරුණියන්ට හදවතින් ලස්සන තරුණියක් වෙසක් පෝදා දුන් අපූරු ආදර්ශය. – Photo

4518 Views


පොත්තෙන් ලස්සන වෙන්න හදන තරුණියන්ට හදවතින් ලස්සන තරුණියක් වෙසක් පෝදා දුන් අපූරු ආදර්ශය. – Photo

“ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාව උසස්” සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල වදාළේ ඒ විදියටයි. වෙසක් දවසේ දන්සැල් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මේ දන්සැල් වලින් කුසට අහරක් ලැබෙන්නේ ඇත්තටම දුප්පත් දුගී මිනිසුන්ටද?

පිටතින් කොච්චර ලස්සන වුනත් හදවතින් ලස්සන නැත්නම් පිට ලස්සනෙන් ඇති වැඩක් නෑ. අද කාලයේ ගොඩක් තරුණ තරුණියන් පොත්ත ලස්සන කර ගන්න හැදුවට හදවත ලස්සන කර ගන්න උත්සහා කරන්නේ නෑ. ඒ වගේ තරුණ තරුණියන් අතරේ කාටත් ආදර්ශයක් වුන තරුණියක් ගැන මුහුණු පොතෙන් අපිට දකින්න ලැබුණා.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මුලික කරගෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය ක්‍රියාත්මක වෙනවා. දහස් ගණනක් ජනතාව දිනකට මේ වෙසක් කලාපය නරඹන්න එනවා. ඒ එන ජනතාව අපිරිසිදු කරලා යන භූමිය උදේ පාන්දරම පිරිසිඳු කරනා පිරිසක් ඉන්නවා. වෙස්දක් කූඩු වල තරම් ලස්සනක් ඔවුන්ගේ පිට පෙනුමේ නැති නිසාද මන්දා කාටවත් ඔවුන්ව පෙන්නේ නැ.

හැබැයි ඒ අතරේ ඊයේ දවසේ වෙසක් කලාපය නරඹන්න ආව තරුණියක් මේ අහිංසක මිනිසුන්ට කෑම වේලක් අරගෙන දෙනවා අහම්බයෙන් කැමරා කාචයක සටහන් වෙලා තිබ්බා.

ඇත්තටම වෙසඟේ සැබෑ අරුත මෙය නොවේද? පොත්ත ලසන කර ගන්න දහස් ගණන් වියදම් කරනා තරුණියන් අතර මේ තරුණිය පිටතින් මෙන්ම ඇතුලතිනුත් ලස්සනම තරුණියක්.


News Articles
Latest Videos
Most Popular Post