News Line| Off Air
Generic placeholder image

May
1

“මම වරදකරු ස්වාමිනි” රටම කතා කල නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු වරද පිළිගනී.

1434 Views


“මම වරදකරු ස්වාමිනි” රටම කතා කල නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු වරද පිළිගනී.

පහුදිය දවස්වල රටම කතා කල චරිතයක් තමයි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු. ඒ ඇය නීතිඥවරුන් සහ විනිසුරුවන් කරනා වැරදි වැඩ හෙළිකිරීම නිසා. ඇය අධිකරණයට අපහාස කරා කියලා.

කොහොම වුනත් ඇය වරද පිළිගත්තා. හැබැයි ඒ කලින් කර ප්‍රකශයට නම් නෙවෙයි. අධික වේගයෙන් රිය පැදවීම නිසා. නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117 ක වේගයෙන් රිය පදවලා තිබුණා.

පැලියගොඩ පොලිසිය ඒ නිසා ඇයට එරෙහිව නඩු පවරලා තිබුණා. නීතිඥවරයෙක්ගේ සහය නැතුව ඇය තනිවම විත්ති කූඩුවට නැගලා වරද පිළිගත්තා. ඒ නිසා කොළඹ රථවාහන අධිකරණ මහේස්ත්‍රාත්වරයා ඇයට අවවාද කර හැරියා.


News Articles
Latest Videos
Most Popular Post