අද උදේ තවත් කැබිනට් සංශෝධනයක් සිද්ධ වුණා. එකේදී සමහර ඇමතිවරුන්ට තියෙන අමාත්‍ය ධූරයට අමතරව අලුත් අමාත්‍යධූර හිමිවුණා. ඒ වගේම සමහර අයට අලුතින්ම අමාත්‍යංශ ලැබුණා. මේ තියෙන්නේ අද අමාත්‍යධූර ලැබුන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව.
ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය
සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට උරුමයන් අමාත්‍ය
S. B. නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
දුමින්ද දිසානායක – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය
P. හැරිසන් – සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නිතිය හා සාමය අමාත්‍ය
තලතා අතුකෝරාළ – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය
D. M, ස්වාමිනාදන් – පුනුරුත්තාපන, නැවත පදිංචිකිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
සාගල රත්නායක – ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
මනෝ ගනේෂන් – සහජීවනය, සංහිදියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය
දයා ගමගේ – සමාජ සුභසාධන සහ ප්‍රථමික කර්මාන්ත අමාත්‍ය
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා – තිරසාර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
රවින්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය
විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය