News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
1

පොඩි කාලේ වෙසක් සැමරුව හැටි අගමැති රනිල් හෙළිකරයි.

945 Views


පොඩි කාලේ වෙසක් සැමරුව හැටි අගමැති රනිල් හෙළිකරයි.

වෙසක් කියන්නේ ලොකු නැතුව සමරන බෞද්ධ උත්සවයක්. ආගමික වැඩසටහන් වලට සහභාගී වෙනවා වගේම වෙසක් කූඩු නිර්මාණය කරන්නත් ලොකු උනන්දුවක් තියෙනවා. අද කාලයේ නම් කඩෙන් වෙසක් කූඩු ගෙනත් එල්ලන එකනේ කරන්නේ.

හැබැයි ඉස්සර වෙසක් කුඩුවක් හදන එකත් ලොකු වැඩක්. උණ බට කපලා, පට්ටම් හදලා, සව් කොළ අලවන්න දවස් කිහිපයක් ගත වෙනවා. ඒ වගේම අද වගේ ලයිට් දාලා වෙසක් කූඩු ආලෝකමත් කරන්නේ නෑ. ඉටිපන්දම් පත්තු කරලා තමයි ආලෝකමත් කරන්නේ.

අගමැතිතුමා පොඩි කාලේ වෙසක් සමරපු හැටි ඊයේ එතුමා සඳහන් කරා. “ඒ කාලයේ වෙසක් කූඩුත් අපි නිර්මාණය කළා. එදා ඒ වෙසක් කූඩු ආලෝකමත් වුණේ ඉටිපන්දම් ආලෝකයෙන්. අපි නිර්මාණය කරන අට පට්ටම්, බකට් ආදිය ඉටි පන්දම් නිසා ඉක්මනින් ගිනි ගන්නවා. ඒ නිසා ඇතිවෙන ගිනි නිවන්න වතුර බාල්දි ළඟ තබාගෙන සිටි ආකාරයත් මට මතකයි. ඒ කාලයේ අප වෙසක් සැමරුවේ එලෙසයි.’’ කියලයි අගමැතිතුමා කිව්වේ.

ඒ වගේම වෙසක් සැමරුම ආරම්භ වුන හැටිත් එතුමා පැහැදිලි කරා. “වෙසක් උත්සවය සැමරීම පළමුවෙන්ම යෝජනා කළේ ‘ඕල්කට්’ මැතිතුමායි. බෞද්ධ කොඩිය නිර්මාණය කළ පසු එම බෞද්ධ කොඩිය සමග පොල්තෙල් පහනක් පත්තු කිරීමටයි එදා යෝජනා වුණේ. ඉන්පසුව එය එක පහනක් නොව පහන් රාශියක් දක්වා පුළුල්වී වෙසක් උත්සවය සැමරීමක් බවට පත්වුණා.”


News Articles
Latest Videos
Most Popular Post